Ads Top

වෙරි බිසී බ්‍රෝ


වෙරි බිසී බ්‍රෝ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මං හිතුවා මෙහෙම දෙයක් 
ලෝකෙම බේරගන්නවා වෙනුවට 
මාවම බේරගන්න  
මින් මතුවට 
මෙච්චර කල් අපේ අම්මා 
වීණා වයලා තියෙන්නේ 
බීරි අලියෙකුට 
ඉතිං මං ගත්තා ඒ වීණාව 
මගේ අතට 
ගහනකොටනේ තේරෙන්නේ 
මෙච්චර කල් කඹුරගෙන තියෙන්නේ 
තමන්ට නෙවෙයි කියලා 
පටන් ගත්තා 
මං 
මට දෙයක් කරගන්න 
අම්මගේ හිතේ කොන් වල හංගගෙන ඉන්න 
ආසාවල් ටික එකින් එක ඉස්ට කරලා දාන්න 
ලෝකෙම සතුටු කරන්ඩ බෑ 
දැන් මට ඒකට වෙලාව නෑ 
ඔය හිනා වෙන එකෙක් සෙට් වෙලා හිනා වෙයං 
කතා කරන එකෙක් සෙට් වෙලා කතා කරපං 
ලොකුකමකට නෙවේ බං 
උඹලට වඩා මට අම්මා ලොකු උනා 
මං අසරණ වුණු තැන් වල දී 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.