Ads Top

අකුරු අතුරුදහන් වෙලා ඕයි !



අකුරු අතුරුදහන් වෙලා ඕයි ! 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඉස්සර එහෙම නෑ ඕයි 
ලියන්න වචන තියෙනවා සට සට ගාලා 
මොන හෙනේ වැදිලද දන්නේ නැහැ 
දැන් දන්න අකුරු ටිකවත් ගලපාගෙන 
බැහැනේ ලියන්න මොන මගුලක්වත් 
සමහර විට පැක් වෙලා හැක් වෙලා දවසගානේ 
කොලොම්පුරේ යන එන නිසා 
මහන්සියට වෙන්නත් ඇති 
ඒත් ඕයි හිතේ මුරණ්ඩු පාර්ට් එක කියන්නෙම 
වෙලාව මවපන් කියලා 
කොහොම වෙලාව මැව්වත් 
මහන්සියට තියෙන වචන ටිකත් දියවෙලා යනවා වගේ 
හව් ටු ඕවර්කම් දිස් ප්‍රොබ්ලම් කියලා 
තේරෙන්නෙම නෑ ඕයි 
නිදහස ඕනෙවට වඩා තිබ්බමත් 
හැඟීම් වචන කරන්න බෑ කියලා අද්දැකීමෙන්ම මං දන්නවා 
ඒ හින්දම එක දවසක රැයක් කුළියට අරන් 
පට්ට ක්ලැසිකල් හින්දි සිංදුවක් රිපීට් අහන ගමන් 
ගැළපෙන්නේ නැති ෆ්‍රේම් එකක හාන්සි වෙලා 
ගැළපෙන්නේම නැති අවේලාවක කොළ කැඳ වීදුරුවක් බොන ගමන් 
ඇත්තටම මං කල්පනා කළා 
වට් හෑස් හැපන් ටු මයි අකුරු කියලා 
එතකොටම තමයි හරියටම මට තේරුණේ 
ඔය මාර මහන්සියයි මාර නිදහසයි අතරේ තියෙනවා 
පොඩි වෙලාවක් එහෙටත් නැති මෙහෙටත් නැති 
අන්න ඒ වෙලාවට තමයි 
අදහස් එහෙට මෙහෙට සංක්‍රමණය වෙන්නේ සහ 
තම අභිමතය පරිදි එඩිට් වෙන්නේ 
වෙලා තියෙන්නේ දැන් එහෙම කාලයක් ගෙවෙන්නෙම නැති තරම් 
සිත්තම් මායාවෙන් දැන් යාලුවන්ට කරදරයක් නෑලු 
ඒ නිසා මහන්සියට මැරිලා හිටියත් ලියන්න ඕනේ කියලා 
දැඩි තීරණයක් අකමැත්තෙන් උනත් මට ගන්ට ඉස්ට සිද්ද උනා 
මොකද උඹලා ඔහොම 
අනුවා ලියන්නේ නෑ කියලා සැනසීමෙන් ඉද්දි 
මගේ අතට කටු අයිනවා වගේ බං :3 
ඒ හින්දා වද දෙන්නං , හා ද ?

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.