Ads Top

ආදරේ කියන්නේ ඒකටලු



ආදරේ කියන්නේ ඒකටලු 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අභී කියන විදියට 
ආදරේ කියන්නේ පපුව හීරෙන එක 
ඒ මැද්දෙන් හිනා වෙන එක 
ඇත්ත 
මෙතුවාක් කාලෙකට අහපු 
නව පන්නයේ ගීතයක කියවුන 
වටිනාම වදන් පෙළ 
ආදරේ කියන්නේ ඇත්තටම ඒක වෙන්න ඕනේ   
ඔබ නැතුව ඔබ එක්ක ජීවත් වෙනවා වගේ දෙයක් 
රාගය මුසු නොවුන පරම පිවිතුරු දෙයක් 
බලා හිඳ සැනසෙන දෙයක් 
හිනාවකින් ආත්මයක් සතුටු කරවන දෙයක් 
එක අතකින් ඒක පාර්ශවීය දෙයක් 
අද කෝමද ඒම ආදරය කරන්නේ 
ඒම ආදරය ලබන්නේ 
ඉතිං මට හිතෙනවා 
ජීවිතේ ගෙවන්න තනිකරම තනියෙන් 
මිතුරන් ගොඩක් අතරේ සිරවෙමින් 
සිනා සයුරක ගිලෙමින් 
මොන්ගෝලියන් කැළයක් පීරමින් 
ඒත් එකම එක දිනයක 
මා තනිවෙනවා සත්තයි 
නැත්තටම නැතිවෙන්නට  
ඔය ඉන්නා වූ එකෙක්වත් පෙර ලෙසටම 
එවැන් ආතබුත ගැටළු හමුවේ  
ඉතිං මං ඉන්නවා 
සිනාසෙමින් කිසිම වගක් නැතුවම 
හරියට
පිස්සෙක් වගේ පිස්සෙක් වගේ 

#අනුවා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.