Ads Top

ඒ කඳුල ළඟ


ඒ කඳුල ළඟ

සිත්තම් මායා | අනූ පෙරේරා

මට තේරෙන්නෙම නෑ
මිනිස්සුන්ගේ සර්ව අසම්පූර්ණ ප්‍රශ්ණ වලට
සර්ව සම්පූර්ණ පිළිතුරු බඳින්න
එකම දේ මම දන්න
උන්ව හිනස්සන්න
ප්‍රශ්නෙ අමතක වෙනකන්ම හිනස්සන්න
ඉතිං මං අහන් හිටියා එයාගෙ
හිතේ ඒ උතුරන දෝමනස්සය
ඒත් දන්නවද උඹ
ඒ කාටත් තිබෙන පොදු ගැටළුව මැද
වැටුණ එකම කඳුලකට
මගේ පපුවම සීරුණ බව
තාමත් උත්සහ කරනවා මම
ඒ නැවතුන තැනින් මෙහාට ගන්නට සිත
මටත් නොදැනිම හෙමිහිට
ඒත් බං මේ හැඟීම්බර හිත
ගිහින් බැඳෙනවා ඒ කඳුල ළඟ
තාමත් මට නොතේරෙන
ඇයි වෙන්නෙ එහෙම
නොහඳුනන නොදන්නා සිතක් ලඟ
එක්කොත් අපිට බැඳීමක් තියෙන්නට ඇති
පෙර බවයක
එනමුත් මං කැමතීයි ලොප් කරන්නට
ඒ දැනෙන හැඟීම
දිනෙක අපි අපිටම වේදනාවක් නොවන්නට

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.