මේ පාළු හැඟීම මරමුද
මේ පාළු හැඟීම මරමුද
සිත්තම් මායා | අනූ පෙරේරා
කොතන හරි එකම තැනක
ජීවිතයේ මම නැවතුණා
ලොකුම ලොකු පාඩුවක් කරගනිමින් මටම
අවේගයෙන් නිතරම
හැඟීමක් දැනීමක් නැති මිනිහෙක් ගාණට
මේ පුංචි පුංචි දේවල් වලට
ඒ තරහව දෙදරා ගියේම
මගේ ළඟම උන් පිටින් බව
තේරුණේ මට අද වගේ දවසක
උන් කොච්චර ඉවසන්න ඇතිද
දරාගන්න මගේ පිහියෙන් අනින වචන
වගේම මං තේරුම් ගත්තා
උන් මගේ හිතේ මතු සදාතනික බව
හැරයන්නට දාහක් හේතු තිබියදී
මා අසලම වාත වුණු සැටි
මතක තබා ගත යුතුම බව
මේ අඩ අඳුරේ කල්පනා කරමි මම
ඒත් තාමත් තේරුම් ගන්න බැරි මට
මටවත් නවතන්නට බැරි මම
නැවතුණේ කා වෙනුවෙන්ද වග
එතරමටම වටිනා කෙනෙක් ද
කොහෙන් කොහොම ආවද
අදටත් ඒ අඩුව දැනෙනවා ලෙස පෙරම
හදේ එකම එක් තැනක් පාරමින
සොඳුර අපි මෙහෙම ගිවිසුමක් ගහමුද
මේ පාළු හැඟීම මරමුද
උඹට මා හමු නොවුන ලෙසම
මට උඹ හමු නොවුන ලෙසම
උඹ උඹේ මූසල තනිකම් ලෝකයේ
මම මාගේ මිතුරන් ඉතුරුණු තුටු ලෝකයේ
ජීවත් වෙමු යලි ආගන්තුකයන් ලෙස
#අනුවා
Comment with Facebook