Ads Top

ආඩම්බර නැද්ද ඔයාට මං ගැන ?


ආඩම්බර නැද්ද ඔයාට මං ගැන ? 

සිත්තම් මායා | අනූ පෙරේරා 

එයා කියන්නෙම 
මගේ ජීවිතේම පුරවාගෙන ඉන්නේ 
යාළුවන්ගෙන් විතරමලු 
දවසක ඒ එකෙක්වත් නෑලු 
ඒ නිසා පිළිවෙලක් වෙන්නලු 
යාළුවෝ මත්තෙම නැහෙන්න එපා ලු 
ඒ විතරක් නෙවෙයිලු 
දඩබ්බරකමේ සීමාවක් තියාගන්නලු 
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්නලු 
ආයේ කියන දේ අහන්නලු 
එහෙම නැති උනොත් එයාගේ යකා අවුස්සගන්නත් එපාලු 
ඉතිං ඊයේ රෑ එයා මට අනතුරු ඇඟවූවා 
ටිකක් රළු ස්වරයෙන් 
දන්නවද මගේ හිත රිදුන තරම 
ඒක පැලිලා ගියා අහුලගන්නත් බැරි කැබලි වලට 
ඔයාගේ මූණ බලන්නත් බැරුව 
බිම බලානම හිතින් මම හැඬුව තරම 
ඒත් හිතෙන්න ඇති ඔයාට 
මේකිගේ තියෙන නපුරුකම ලෙස 
එකම කඳුලක් මගේ දෑසින් නොවැටෙනකොට 
දවසක මං කියන්නම ඕනේ ඔයාට 
විශ්වයේ තියෙන ලොකුම ශක්තිය අරගෙන 
ඔයාට මාව මග හැරුණු අවස්ථා වල 
හිටියේ මට මගේ ළඟම යාළුවෝ විතරක්ම  බව 
ඔවුන් නොසිටින්න 
මමත් තාමත් ඔයා වගේම 
මිනිහෙක් ළඟදීම පෙන්ෂන් යන 
ජිවිතේ දුක් ගැහැට විඳගෙනම 
සතුටක් නැද්ද ඔයාට 
ඔයාගේ එකම දුව ගැන 
ඒකි පොඩි වයසකට 
ලබාගත්තු ලොකු ජයග්‍රහණ ගැන 
තාමත් මේ හිත කියන්නෙම 
දවසක ඔයා කෑගහයි ලෝකෙටම 
පෙන්නමින් මාව හෙන අභිමානයෙන්ම 
ඒත් රාළහාමි එදාට 
මං ඔයා ගාව ඉඳීද ? 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.