Ads Top

ඩීසන්ට් අවජතකයෝ


ඩීසන්ට් අවජතකයෝ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

වෙන්න පුළුවන් 
දෙමාපියන්ගේ අතහැරීම තුළ 
ළමයෙක්, 
සමාජයක කැළලක් වෙන්නට පුළුවන් 
මා සිතනා විදිය මත නම් 
උපතින් කිසිඳු මිනීමරුවෙකු බිහිවන්නේ නැත 
කිසිඳු මංකොල්ලකරුවෙකු බිහිවන්නේ නැත 
කිසිඳු ස්ත්‍රී දූෂකයෙකු බිහිවන්නේ නැත
ඔහු වැඩෙන පරිසරය මත 
ඔහු ලබන ඇසුර මත 
ඔහුගේ තීරණ ගැනීමේ හැකියාව මත 
ඔහුගේ සමස්ථ අනාගතය සකස් වෙයි 
එතැන ශක්තිය දෙමව්පියන් නොවනා තැන 
අපට සමාජයක් ලෙස 
ඔහුගේ යහපත් කල්ක්‍රියා බලාපොරොත්තු විය නොහැක 
නමුත් දන්නවාද 
එවන් මග පෙන්වීම් නැති උන් 
ලස්සනට ජීවත් වෙනවා 
මං දැකලා තියෙනවා 
අන්තිම සතේට හිදෙනකම් 
කරටි කැඩෙන්නට ගසන උත්තරීතර පියවරුන්ගේ පුතුන් 
එකම ස්වාමියාට වද දෙන්නට නොසිතන 
ස්වාමීන් දෙතුන්දෙන බැලන්ස් කරන 
වන්දනීය මව්වරුන්ගේ දියණියන් 
ජීවිතේ ගැටගහනවා, සහෝදරවරුනි මං දැකලා තියෙනවා 
ආතල් එකට ජාතක වුණු පොඩි උන් පඩිපෙළක් 
ඒ පවුලේම වැඩිමලාගේ කරට පැටවෙනවා 
ඉතිං උඹට දැන්වත් තේරෙනවද 
ශුක්‍රාණුවක් බඩට දුන්න හැම පිරිමියාම "පියෙක්" නොවන බවත් 
ඒකම ජීවිතයක් කර 
උපරිම වේදනාවකින් දරුවෙකු මෙලොවට මුදාහරින 
හැම ගැහැණියම "මවක්" නොවන බවත් ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.