Ads Top

දුර්ලභ දුකක් !


 
දුර්ලභ දුකක් ! 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඔවුන් ගැන කතා කරන්නට 
ඉදිරිපත් වුණේ නැතිලු කවුරුත්ම 
ඔවුන්ගේ හිතේ කැකෑරෙන අදෝනාව 
ඇසුවේ නැතිමලු කවුරුත්ම 
ඉතිං ඔවුන් සිතුවාලු 
ඇද කරන්නට සිතේ හැටියට 
ස්වාධීන මාධ්‍යක් තුළින් ඇති පදමට 
ගැහැණුන් හරිම චපල ලෙසට 
තුන් හිතක තරහක් නොතියාගෙනම 
ඒ රණ්ඩු සරුවල් අනන්තයක් මැද 
දන්නවාද නුඹ 
පිරිමියෙකුට තහනම් ලු හඬන්නට 
ළයක් පුපුරනා දුක පිට කරන්නට 
ඔවුන්ට සිදු උනාලු 
ඒ හැමදේම හිතේ හිර කරගන්නට 
සමාජ අවනම්බුවෙන් බේරෙන්නට 
ඉතිං අපිටත් අමතකම උනා සිතන්නට 
හැඟීමක ඔවුන් සිර වෙන තරම 
සියලු වාසිය අපටම තියෙනකොට 
හැබැයි එකම එක දෙයක් මත 
පිරිමියෙකු විය යුතුය පිරිමියෙක් 
ජෙනුයින් පිරිමියෙක් 
නොවෙනා චීත්ත පිරිමියෙක්,
ගැහැණිය - පිරිමියා 
එකිනෙකාගේ අදහස් සමානව සිතුව දිනෙක 
ඒ අදහස් වලට ගරු කිරීම 
දෙපාර්ශවයම ඇරඹුව දිනෙක 
මුණ ගැසේවි අපට 
තාමත් හමු නොවුණු ඒත් 
අවේගයෙන් අවේශයෙන් මෙන් සොයන 
Gender - Equality අදෘශ්‍යමාන සංකල්පය 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.