සෝස බෝනික්කෙක් නොවෙමි
සිත්තම් මායා | අනූ පෙරේරා
ඒ විදිය හරි නිදහස්
රාළහාමි මාව හැදුවේම ඒ සරල ගතියට ජිවත් වෙන්න
ළඟම උන්ගේ මූණු වල හිනා පුරවන්න
තමන්ගේ දුක් හංගා ගන්නට
ගැහැණියක වූ පලියට පසුපසට නොයන්නට
පිරිමීන් හා කරට කර හැප්පෙන්නට
තවත් කෙනෙකු මත රඳා නොපවතින්නට
මහන්සියෙන් අරමුණු වෙත යන්නට
දුෂ්කර අවස්ථා වල නොසැලෙන්නට
තනියෙන් හරි ගේම ගහන්නට
එයා කිව්වෙම පොෂ් වෙන්නට නොව
වැදගත් වෙන්නට
අවස්ථාවට ගැළපෙන විදියට විතරක්ම
ඉතිං මං හැදුණා
එයාගෙම කාබන් කොපිය විදියට
ඒ කුකුල් කේන්තියත් උරුම කරගෙනම
දන්නවද
මේ පහුගිය දවසක දෙකක
දැනගත්තා මං
එයා මං ගැන ආඩම්බර වෙන තරම
එහෙම බැලුවොත් ඒක ඇත්ත
එයා හැදුවේ අම්මා හැමදාම බලාපොරොත්තු වෙන
සම්ප්රදායික දුවක නොවෙන බව
එයාට ඉන්නේ පුතුන් දෙදෙනෙකු බව
ඒ ඉගැන්වීම මත මාත් හැදුණා එයාගේ සුදු පුතා ලෙස
බහුතර සෝස බෝනික්කෙක් නොවීම
#අනුවා
Comment with Facebook