Ads Top

To those සෝ බිසී පීපල්


To those සෝ බිසී පීපල් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

දන්නවද 
අපි ජිවත් වෙන්නේම 
කන්න බොන්න රස්සාව කරන්නම නෙවෙයි 
එතැනින් එහා ලෝකෙක ජීවත් වෙන්නත් 
තවත් අයව ජීවත් කරවන්නත් 
අයිතිය තියෙනවා අපිට 
සමහරවිට සමහරෙක්ට ඒක අමතකම වෙලා ඇති 
එහෙමත් නැත්තම් එයාලා ඒක දන්නේ නැතුව ඇති 
එහෙමත්ම නැත්නම් එයාලට ඒ වෙනුවෙන් වෙලාවක් නැතුව ඇති 
කාර්යබහුල ඇති 
සමාවෙන්න මෙහෙම කියනවට 
එහෙම නම් උඹලා මහා මුස්පේන්තු ජාතියක් 
හැම මනුස්සයෙක්ම කාර්යබහුලයි 
ඒක පුද්ගලානුබද්ධයි 
ගෙදරට වෙලා මුකුත් නොකරනවා යැයි කියන පුද්ගලයා පවා 
ඒ ඒ පුද්ගලයාගේ නියමිත වැඩ කොටසට කාර්යබහුලයි 
අපි හැමෝටම පායන්නේ එකම ඉර හඳ 
අපි හැමෝටම ගත වෙන්නේ එකම කාලය 
මචං දන්නවද 
ඒක උඹලගේ නොහැකියාව 
උඹලගේ කාල කළමනාකරණයේ නොහැකියාව 
උඹලාගේ දුර්වලකම 
උඹලගේ ප්‍රමුඛතාවයේ දුර්වලකම 
ඒක තේරුම් නොගෙන 
හලෝ මං හරි බිසී වගේ පඩ ටෝක්ස් දෙන්නෙපා බං 
මෙහෙම නොකියම බැරි තරම් 
දවසක උඹේ අම්මා තාත්තා මළ දවසට 
අම්මේ මං හාෆ් ඩේ එන්නම් කියලා යන එකෙක්ද උඹ 
දෙයක් කියන්නද 
රස්සාව කරපන් ජීවත් වෙන්න, හම්බ කරන්න 
නැතුව ජිවත් වෙන්න එපා රස්සාව කරන්න 
ඊටවඩා ආදරණීයයන් උඹට ජිවිතේ මිස් වේවි 
දවසක උඹ දුක් වේවි 
අත්‍යවශ්‍යම තැන අත්‍යාවශ්‍ය විදියට ජිවත් නොවුන වරදට 
එනිසා පුරුද්දක් විදියට මම ආශ්‍රය කරන්නේ නෑ 
කාර්යබහුල මිනිසුන්, බොරු සෝබන මිනිසුන් 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.