Ads Top

සාතිශය අපේක්ෂාවක් !


සාතිශය අපේක්ෂාවක් !

සිත්තම් මායා | අනූ පෙරේරා 

පෘතග්ජනයොනේ අපි 
හැම එහෙකටම බැඳෙන 
හැම එහෙකටම ආසා කරන 
කොයි තරම් දුකක් උනත් 
පුදුම ආසාවක් එය රස බලන්න 
ලුණු ඇඹුලුත් එක්කම 
එකම එක හවසක 
හුදෙකලා වුණු වෙලාවක 
හිතුවා මම නිකමට 
මේ සියලු ප්‍රශ්න ඇරඹෙනවා 
'බලපොරොත්තූන් මත' 
යතාර්ථය සහ අපේක්ෂාව 
නොගැළපෙන තැන 
අපිත් රිද්දගන්නවලු 
අපේ ගොන් සිත 
තවත් ගැඹුරට සිතනකොට 
පසෙක් විය හොඳට පළලට 
අතහැරීම භෞතිකවම නොව 
සිතුවිලිත් අත හැරියම යුතු බව 
හැම හොඳම හැම නරකම 
එකම විදියට 
ඒත් දන්නවද අපේ මැටි සිත 
කරන්නෙම පෙර වැරදි සොයා පදමට 
ඉතිං කෙලෙසද 
අත හැරෙන්නේ 
අපිට අපි බැඳෙමින 
ඒත් ඒ හවසම 
හිතුණෙම ඕනෑවට වැඩියෙන් ඕනේ නැති බව 
ඕනෙම කතාවක් 
ඕනෙම සිනාවක් 
පුද්ගල සීමාවෙන් පිට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.