Ads Top

ඒ ගොඩේ මිනිස්සුන්ට මං හරි ආදරෙයි බං !


ඒ ගොඩේ මිනිස්සුන්ට මං හරි ආදරෙයි බං !

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට එකම එක විනාඩියක් දෙනවද 
ඒ මිනිස්සු ගැන කියන්න 
ඒ ගමේ ගොඩේ මිනිස්සු ගැන කියන්න 
උන්ගේ හිත් මාරම හොඳයි බං 
ඔය කොලොම්පුරේ වගේ නෙවෙයි 
හැම් බේකන් කන පොෂ් උදවිය වගේ නෙවෙයි 
උන් 'බත් හදන' මිනිස්සු 
දාඩිය මහපොළවට හෙලන මිනිස්සු 
බොරු සෝබන නැති මිනිස්සු 
ලොස් නැතුව කට පුරා සිනාසෙන මිනිස්සු 
උඹ දැකලා තියෙනවද 
එහෙව් මිනිස්සු 
උඹේ ඔය බ්‍රෑන්ඩඩ් ලෝකයේ 
උඹේ ඔය කාලකන්ණි බිසී ජිවිතයේ 
මේ මං කියනවට 
නිකමට ආස්සරේට වැටියන් 
අන්න ඒ මිනිස්සු එක්ක 
සෝෂල් මීඩියාවෙන් තොර මිනිස්සු එක්ක 
උන් කියා දෙයි උඹට 
ජීවිතයේ රියලිටිය ගැන 
උඹ හැමදාමත් දකින ෆැන්ටසියෙන් එහාට 
ප්‍රශ්න ෆේස්බුක් නොදාන 
හිනාවෙන් ප්‍රශ්න විසඳන 
මනුස්සකමට වටිනාකමක් දෙන 
ධනේශ්වර පන්තියන් හදන විෂමතාවයේ දුක් විඳින 
එනමුත් කිසිම පැමිණිල්ලක් කිසිදිනෙක නොකරන 
අන්න ඒ ජීවිත එක්ක මේ මං කියනවට 
එකම එක දවසක් ගතකරන්න හැකිද උඹට 
උඹේ ඔය පුස් සල්ලිකාර ජීවිතයෙන් මිදෙන්න 
ඒ ගෙන්දගම් පොළවේ පය තබන්න 
නිදහස් මිනිසෙක් වෙන්න 
ඒක හරි සරලයි බං 
ඒක හරි සැනසීමයි බං 
ඉතිං මං හරි ආදරෙයි ඒ වචනයටම 
අර උඹලා කින්ඩියට වාගේ කියන 
"ගොඩේ", "වන්නියේ" යන නමට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.