Ads Top

මං කියන්නෙම ඒ උඹේ ජීවිතය බව,


මං කියන්නෙම ඒ උඹේ ජීවිතය බව,

සිත්තම් මායා | අනූ පෙරේරා 

වෙලාවකට මට හිතෙන්නෙම 
තමන්ගේ ඉෂ්ඨ කරගන්නට බැරි වුණු සිහින 
යතාර්ථයක් කරගන්නට 
දෙමව්පියන් 
මෙලොවට නිපදවන හොඳම නිමැවුම 
දරුවන් ලෙස 
ළමයි ඉන්නේ හැමදේකම එක වෙන්න 
ඒ ඔවුන්ගේ ඒකායන පැතුමයි 
ඒත් දන්නවද 
මොන තරම් කොහොම ආදරය කළත් 
මගෙන් නම් යන්තම්වත් ඔවුන්ට ඒ දේ ඉටු නොවුන තරම් 
එහි රිටර්න් එක ලෙස එයාලගේ හොඳම දරුවා සම්මානය 
හැමවිටම හැමලෙසම නොකඩවා වසර ගණනින් දිනා ගත්තේ 
මාගේ වැඩිමහල් සහෝදරයාම බව 
ඔව් ඌ මාර සුවචයි, මාර කීකරුයි 
සහසුද්දෙන්ම මාගේ අනිත් පැතිකඩය 
බලන බලන අත මට සිත්තෙන්නෙම 
කුඩා කාලයේදීම අර කියපු විදියටම 
ලැයිමෙන් හදාගත් ළමේක් වෙන්නැති ලෙස මම 
ඒත් ඒම වෙන්නත් බෑ බං 
අම්මගෙම නහය - තාත්තගෙම කට 
රට්ටු කියන්නේ අන්න එහෙම 
දෙයක් කියන්නද 
ඒ ලැබුණ ජීවිතය උඹේ බව 
තේරුම් ගන්නවද ඔය මොට්ට මොළයට 
කිසිම කෙනෙකුට, මං කියන්නේ කිසිම කෙනෙකුට 
දෙන්නෙපා ඒක පාලනය කරන්න 
වැඩිහිටි නියෝජනයට වැටුණු විගසම 
මොළය, දැනුම එක්ක හරි තීරණ ගන්න 
පරිණත වෙන්න වයසත් අත්දැකීමුත් එක්ක 
කඩන්න, ඒ සාම්ප්‍රදායික රීතියම 
අවධානම් ගන්න 
ඒ ත්‍රිල් එක විඳින්න 
උඹට බෑ කිවූ දේම කරන්න 
හරි විදියකට, නිවැරදි ලෙස 
එකිනෙකාට උදව් කරගන්න 
මානුෂීය මිනිසෙක් වෙන්න 
මොකද දන්නවද 
සමහර වෙලාවල් වලට 
ඔවුන් වුනත් අපිව ලිමිට් කරන්න බලනවා 
ආදරය යන පරම පිවිතුරු හැඟීම ඇපයට තියාගෙන 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.