Ads Top

ඇහැරවූ ආගන්තුකයා ට !


ඇහැරවූ ආගන්තුකයා ට  ! 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සතියට දින හයක් නොකඩවා 
එහෙමත් නැත්තම් ඒ පුරා දින හතම 
ලංකාවේ කෙළවරක සිට 
කොළොම්පුරයට ඇදෙන මිනිසෙකුට 
නින්දක වටිනාකම 
අමුතුවෙන්ම මම කිව යුතුම නැත 
කිසිම සැපක් නැති 
පැලෑස්ටීක් දුම්රිය අසුනක 
කරටි කඩාන නින්ද යන තරමට උන්ට මහන්සිය 
ඒ වගේ දවසක මමත් ආවා 
එක දිගට හොඳ නින්දක බෙල්ලත් ඇද ගහගෙනම 
කාර්යාල දිනවල මෙන් කදයක් දමන්නට 
නෑනේ අද දුම්රිය ගැන්සිය 
ඉතිං ඒ හුදෙකලා සති අන්ත දිනයක 
ඇහැරුනෙම නෑ ගම්පහ ගැස්සිල්ලට මා නෙත 
පුදුම නින්දක්නේ බං ඒක 
මොකද්දෝ ලතාවන් දමිළ සිංදුවක් අහගෙනම 
අයෙක් උරහිසින් ගස්සනු දැනීමත් සමඟම 
වෙනත් ලොවකින් නැවතත් යතාර්ථයට මුහු වුණු බව 
තත්පර පහ හයක් ඒ මුහුණ හඳුනාගැනීමට තැත් කළ බව 
හොඳටෝම මතකයි මට ඒ කලංක ගතියට 
"නින්ද ගිහින් නේද හොඳටම "
"බහින තැන පහු උනාද දන්නෑ නේද " 
ඇය අසත්ම කළබල වුණේ මා සිත 
"නෑ තාම අලව්වට එන ගමන් නේද "
ඇස පොඩිකරමින් මාගේ ප්‍රශ්නාර්ථ පිළිතුර 
තවත් මොනාදෝ කියා ඈ ගියේ ඉස්සරහට 
දන්නවද ඇයි නතර වුණේ මගේ සිත ඈ ගාව 
ඒ තිබුණු මානුෂිය සිත් උණු වීමට 
ඒ තිබුණු ඔබ අසා නැති මනුස්ස කමට 
මම වුණත් නොකරන උපකාරයට 
ඉතිං මං ණයගැතියි හදවතින්ම 
ඒ පුංචි උදව්වට 
ඇයි දන්නවද 
ඒ කතා කෙරුමට දෙනෙත් ඇහැරුණේ නැතිනම් 
නවතින්නේ කුරුණෑගලත් පසු වෙලා බව 
ඒ ඉර අවරට යන හැන්දෑකරේම 
ඉතිං මේ ආශිර්වාදය නුඹට, 
ඇහැරවූ ආගන්තුකයාට !

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.