Holborn පත්තරේ
Holborn පත්තරේ
සිත්තම් මායා | අනූ පෙරේරා
උන් හරි අමුතු යාළුවො ටිකක්
ඒ සුද්දගේ පොෂ් කොම්පැණියේ
මට හම්බුනු මගේ වර්ගයේ උන් ටිකක්
අදට දවස් තුනක්
පොඩිම පොඩි අකරතැබ්බයක් වී මං ගෙට වෙලා
දන්නවද ඒ දවස් තුනම
මං කාර්යාලයට වාර්තා කළ බව
තාක්ෂණයේ පිහිටෙන් උන්ගේ ආදරයෙන්
හරියටම හතරට
විනාඩියක්වත් එහෙට මෙහෙට නොවන්නට
මං පෙනී සිටියා උන්ගේ ආදරණීය මූණු අද්දර
වට්ස් ඇප් වලට පින් සිදු වෙන්නට
ඒත් එක්කම දන්නවද
සියළු වේදනා මට අමතක වුණු බව
උඹලගේ හිනාවෙන් හැම සුවපත් වුණු බව
දෙවියන්ට ස්තුතිවන්නට
උඹලට තියෙනවා හරි මෙලෙක් හදවතක්
යාළුකමට වටිනාකමක් දෙන හදවතක්
මටම පුදුමයි
කොලොම්පුරේ එහෙම මිනිස්සු ඉන්නවද
පොළවේ පය ගහන කෙල්ලෝ ඉන්නවද
මනුස්සකම තේරෙන මිනිස්සු ඉන්නවද
මං හරි බයෙන් ආවේ
උඹලගේ ඔය සුද්දගේ කොම්පැණියට
ඇරත් ගමේ එකානේ මම
ඒත් දැන් බලන්න නේද
අපි වෙනුවෙන් අපි හරි හරියට
යාළුවෝ නෙව අපි එකම ලෙයක් ලෙස
බෝම ස්තුතී දුක සැප බැලුවාට
ඔෆීසියම මං නැතුව පාළුයි කිව්වාට
හෙට එන්නම් කොන්දත් කරේ තියාගෙනම
උඹලගේ ඔය මූණ බලන්නම
නමින් අපේ ඒ Holborn පත්තරේ ගැන්සියම
#අනුවා
Comment with Facebook