Ads Top

“ Temper VS Sacrifice ”


සිත්තම් මායා | අනූ පෙරේරා

අකාලික බුදු දහම අදටත් තෙජාන්විහව වැජඹෙන සිරිලක් දිවයිනෙහි පිනටම පහල වූ අප කෙතරම් වාසනවතයින් විය යුතුද ? අවාසනාවට කරුණ නම් නිර්මල හදවත් වුවමනාම කරන යුගයක මොහොතින් මොහොත හදවත් ජරාජීර්ණ වෙමින් පැවතීමයි. මිනිසත්කමේ පහස දශමෙන් දශමේ ගිලිහෙන ධීන ජනසමාජයක් තුල තවමත් අපි යහමින් හුස්ම ගනිමින් ජිවත් වෙමු.

එදිනෙදා ජිවිතයේ කෙතරම් පින් කුසල් රැස් කරගැනීමට, අපට අවස්ථා සිය දහස් ගණනින් ආ නමුත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් අන්‍යොන්‍යමය වශයෙන් පරිහානියට පත්වීමට අප සැමවිටම පාහේ උත්සහ කරන්නෝ වෙමු. ඒ අතරින් සැමවිටම පින බලවත් කරගැනීමට උත්සහවන දෙවියන් බඳු මිනිසුන් නැතිවමද නොවේ.

අරගලවාදින්, සමාජාවාදින්, අයුක්තිය, අසාධාරණයට නැගී සිටින සමාජයේ පිළිගත් වූවන් වේදිකාවෙන් බසින තත්පරයට තම හරවත් කතාවේ කීයෙන් කී කොටසක් තමන්ගේ වගකීමක් ලෙස ඉටු කරයිද ? වේදිකා මත නැගී වයන ඔවුන්ගේ කවි බණ පසු දිනෙක ප්‍රයෝගික නොවන්නේ මන්ද ?

පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන ඔබ ඉදිරි අසුනේ හිඳ සිටිනවා යැයි සිතන්න. ඔබත් විඩාබර මොහොතක අසුන් ගත්තා පමණි යැයි සිතන්න. ඒ මොහොතේ නගින ගර්භනී මවක දකින ඔබට කුමක් සිදුවේද ? තරහව ? ආවේගය ? අනුකම්පාව ? පරිත්‍යාගය ? ඔබ ප්‍රගුණ කල ගුණය එවිට ඔබටම බලාගත හැකි වනු ඇත. තරහව පරදා පරිත්‍යාගය හුරු කරවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත. නමුත් අප ප්‍රගුණ කල යුතු වන්නේ එයයි. එවිට අප අන්‍යොන්‍යමය වශයෙන් දියුණු වනු ඇත.


සමාජයක් සැදීම අපට කල නොහැකි කටයුත්තකි. නමුත් පුද්ගලමය වශයෙන් අප විසින් තනිව අප හැදෙන්නට උත්සහ කලොත් සමාජයක් ස්වයංක්‍රියව තැනෙනු ඇත. 

සටහන අනූ පෙරේරා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.