Ads Top


සිත්තම් මායා | අනූ පෙරේරා 

එයාලත් ළමයි. ලොකු ලොකු සෝබන වැඩ නැති අහිංසක හීන ගොඩක් අස්සේ හිර වේවි ලෝකෙන්ම දුක හංගාගෙන, හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න පුංචි දඟකාරයෝ ටික දෙනෙක්. කළු සුදු ජිවිත ඇතුලේ පාට පාට හින දකින පැටව් ටිකක්. ඔයාට ඉන්න වටිනම වස්තුව වුනු අම්මයි තාත්තයි අහිමි අසරණ ළමයි ටිකක්. ඔයාගේ ජිවිතේ ලොකුම හීනේ මොකද්ද කියලා මම ඇහුවොත් ?

ගොඩක් උත්තර තියෙනවා නේද ? හදවතින් අහලා බලන්න. iPhone එකක් ? BMW වාහනයක් ? එහෙමත් නැත්තම් ලස්සන කෙල්ලෙක් ? කඩවසම් කොල්ලෙක් ? සුව පහසු ගෙදරක් ? 

හැබැයි එයාලා දකින්නේ වටිනාකමින් ඉහළ හීන නෙවෙයි බොහොම සරල දෙයක්. ජිවිතේ සතුටින් ගෙවන්න. මහමෙරක් හිතේ තියාගෙන එයාලා හිනාවෙලා ඉන්නේ හරිම අපහසුවකින්. මොකද්දෝ දුකකින් එයාලා ඉන්නේ, ලොකු අඩුවක් තියෙනවා ඒ ජිවිත වල. ඒ දෙමව්පියන් නැති අඩුව. ඒ අඩුව පුරවන්න මට බැරි වෙයි. හැබැයි ඒ අහිංසක ජිවිත වලට හිනාවක් දෙන්න පුළුවන්නම් ? මම ලබන ලොකු ජයග්‍රහණයක් වෙයි ඒක. ඒ හිනාව බලලා මටත් ලොකු සැනසීමක් ලබන්න පුළුවන් වේවි. 



මොකද ළමා නිවාසේකට දානයක් දෙන එක එක නෙවෙයි වැඩේ. ඒ දානේ දෙන අතරතුරේ ඒ අසරණ දරුවන්ට ' බලාපොරොත්තුව ' කියන වර්ෂාව වස්සවන්න පුළුවන්නම් ඔබ, මම, අපි සාර්ථකයි. බලාපොරොත්තු විරහිතව ගෙවෙන පොඩි හිත් වලට යහපත් අරමුණක් දෙන්න පුළුවන්නම් ඒ හිත්, අපි පිහිටවපු යහපත් අරමුණේ ජිවත් වෙන්න උත්සහ කරනවා එයාලගේ සාර්ථකත්වයන් උදා කරගනිමින්. 



අපි, Juniors Foundation " සතුට " ව්‍යාපෘතිය ආරම්භ කලේ ඒකයි. කැමැතියි ඉල්ලීම් දෙකක් කරන්න. කැමති නම් අපිත් එක්ක එකතු වෙලා එයාලා වෙනුවෙන් ලස්සන දෙයක් කරන්න උදව් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලා කරන දේ හරි විධිමත් විදියට කරන්න කියලා.


මේ මහ පොලව මත කාලකන්ණියෙක් වෙලා මැරිලා යනවද එහෙමත් නැත්නම් හදවතක් තියෙන මනුස්සයෙක් වෙලා මැරිලා යනවද කියන දේ තම තමන්ට බාරයි. :) 

සටහන අනූ 


Siththam Maya | Anu Perera. Powered by Blogger.