Ads Top

Gastritis Killer - WATERMELON


Siththam Maya | Health Tip

ලබු, පිපිඤ්ඤා, අළු පුහුල් වැනි එළවළු සඳහා භාවිත කරන පුහුල් වර්ග අතර පළතුරක්වන පැණි කොමඩු ශුෂ්ක කලාපීය ප්‍රදේශවල වැවෙයි. පැණි කොමඩු යනු රසවත්, ඇඟ සිසිල් කරවන ඉතා ගුණදායි පළතුරක් වන අතර ඒවායේ ගුණාත්මක වටිනාකම් රැසක් පවතින පළතුරකි.
ගැස්ට්‍රයිටිස් කියන්නේ සමාජයේ බහුතරයක් පිරිස් පීඩාවට පත්කරන රෝගයක්. ආමාශගතව හටගන්නා තුවාල නිසා මෙමගින් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ආහාර ගැනීමට මොහොතකට පෙර කොමඩු යුෂ වීදුරුවක් බොනව නම් දින කිහිපයකින් ගැස්ට්‍රයිටිස් මගින් ඇතිවන දැවිල්ල වේදනාව සුව කරගන්න පුළුවන්.

අනෙක් පුහුල් වර්ග සියල්ලම රසවත් වෑංජන සඳහා භාවිත කළත් කොමඩු තුළ පවතින අධික පැණි රස සහ දිය අධික ගුණය හේතුවෙන් මෙය පළතුරක් ලෙස ප්‍රචලිතයි. පැණි පුහුල්, පත්තක්කා යන නම්වලින් හඳුන්වන කොමඩු පළතුරේ ජන්ම භූමියවන්නේ අප්‍රිකානු රටවල් ය. මිසර දේශයේ ඉපැරැණි චිත්‍රවල පවා මේ පැණි කොමඩු පළතුරේ සිතුවම් දක්නට ලැබීම හේතුවේනම වසර 4,000කට නොඅඩු පැරැණි පළතුරක් ලෙස පැණි කොමඩු හැඳින්විය හැකි ය.

තද කොළ පැහැති වර්ගය සහ ළා කොළ පැහැති තද වයිරම් වර්ගය යනුවෙන් කොමඩු පළතුරේ ප්‍රභේද දෙකක් පවතී. රසවත් පළතුරක් ලෙස හඳුන්වන පැණි කොමඩු අපේ පැරැණි සිංහල වෙදකමේ හොඳ ගුණවත් දේශීය ඖෂධයක්. සමාජයේ මුල්බැසගත් රෝග රැසක් සුව කළහැකි ගුණ සපිරි ඖෂධයක් ලෙස ජනප්‍රිය පැණි කොමඩු අපේ පැරැණි ආයුර්වේද ග්‍රන්ථවන සංහිතා ග්‍රන්ථවලත් මේ ඉපැරැණි පළතුරේ පවතින ඖෂධීය ගුණ සඳහන් වෙයි.

බඩේ දැවිල්ලට කොමඩු බොන්න

ග්‍රීෂ්ම කාලවල දී අප මුහුණපාන ගැටළුවක් තමයි අධික තාපාග්නිය හේතුවෙන් ශරීරයේ හටගන්නා අධික උෂ්ණ ගතිය. ඒ නිසාම උදරයේ දැවිල්ල වැනි ආසාදන හටගත්තම ශරීරයට සිසිලක් එක් කරන්න අපි භාවිත කරන්නේ වෙළෙඳපොළේ තිබෙන කෘත්‍රිම පළතුරු පානයක්. එමගින් සිදුවන්නේ ඇඟ දැවිල්ල. නැති වෙන එක නෙවෙයි. උදරය ආශ්‍රිතව ආසාදන ඇතිවන එකයි. ඒ නිසාම උෂ්ණ කාලවල දී ඇඟ දැවිල්ල වෙලාවක දී අධික මහන්සි අවස්ථාවක දී ගතට සිසිලක් එක් කරන්න කොමඩු ඇට ඉවත් කර හොඳින් බ්ලෙන්ඩර් කර පළතුරු පානයක් ලෙස පානය කළ හැකිය. මෙය රසවත් පළලතුරු පානයක් මෙන් ම පෙර කී රෝග ලක්ෂණවලටත් ගුණදායක ය.

තරුණ පෙනුමක් ගෙනදෙන කොමඩු රහස

කොමඩු පළතුරේ පවතින අධික දියරමය ස්වභාවය නිසාම මේ පළතුරේ ශරීරයට හිතකර ගුණ රැසක් පවතී. යමෙක් දිනපතා උදෑසන කොමඩු යුෂ වීදුරුවක් පානය කරන්න පුරුද්දක් කර ගන්නව නම් මේ පළතුරේ තියෙන ඖෂධීය ගුණ නිසා ශරීරයේ සම පැහැපත් වෙනවා. ඒ වගේම සමේ අධික ලෙස වියළි ස්වභාවය සමේ තෙතමනය රඳා පවතී. එනිසා හම රැලි වැටෙන්නෙත් නෑ. කොමඩු යුෂ දෛනිකව බොනව නම් තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්.

කෑම දිරවන්නෙ නැත්නම්

ඇතැම් අයට තිබෙන රෝගයක් තමයි ගත් ආහාර නොදිරවා මල ලෙස පිටවීම. කෑම දිරවීමේ ආසාත්මිකතාවලින් පෙළෙන අය දිනකට වරක් හෝ කොමඩු කෑල්ලක් ආහාරයට ගන්නව නම් කෑම දිරවීම යථා පරිදි සිදු වෙනවා. අර්ශස් රෝගීන්ට ඇතිවන මලබද්ධය වගේ තත්ත්වයන් දුරු කරන්න වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ කෙඳි සහිත ආහාර ගන්න කියලා. එහෙත් කෙඳි රහිත ආහාරයක් වුණත් මේ තුළ පවතින රසායනික සීනි ගුණය සහ ජල ප්‍රමාණය නිසා අර්ශස් රෝගීන්ට මලබද්ධ තත්ත්වයන් හට ගැනීමේ අවදානම දුරු කරන්න පුළුවන් කොමඩු ඖෂධය ආහාරයට ගත්තොත්.

විස නැති වෙන්න කොමඩු කන්න

ඇතැම් අවස්ථාවල අපි ගන්නා ආහාරවල ඇති රසායනික විස තත්ත්වයන් නිසා රෝගාතුර වීමේ අවදානමක් පවතී. ජලය, පළිබෝධ නාශක, ආහාර ගැනීම හරහා එවන් තත්ත්වයක් උද්ගත විය හැකි ය. නමුත් දින දෙකකට වරක් හෝ ආහාර ගැනීමෙන් පසුව අතුරුපසක් ලෙස කොමඩු කෑල්ලක් රස විඳිනව නම් ශරීරයේ එවන් විස හට ගැනීමේ අවදානම නැතිවෙනවා වගේම පවතින විස තත්ත්වයන් පවා විනාශ වෙයි.

කොමඩුවලින් පානයක් ලෙස

අද ගොඩක් දෙනෙක් නිවෙසකට අමුත්තෙක් ආවම පුරුදුවෙලා ඉන්නේ කෘත්‍රිම බීම වර්ග පානය කරන්න දෙන්න. එහෙත් නිවෙසට අමුත්තෙක් ආවම රසය මෙන්ම ගුණය ලබා දෙන වෙනස් ආකාරයේ පළතුරු පානයක් කොමඩු භාවිත කරලා සාදා ගත හැකි ය. මුලින්ම කොමඩු ගෙඩියක් කපා ඇට ඉවත් කර මද අරගෙන කැබැලි කර බඳුනකට දමා ගන්න. ඉන්පසු රසවත් කෙසෙල් වර්ගයක්, අඹ කැබැලි කිහිපයක් පොතු සහ ඇට ඉවත් කර ඒ බඳුනට දමා ඇති පමණට වතුර යොදා සියල්ලම හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

ඉන්පසුව එයට අවශ්‍ය පදමට දෙහි යුෂ ස්වල්පයක් දමා අවශ්‍ය නම් කුඩා ඇපල් කැබැලි ස්වල්පයක් මිශ්‍ර කර මදක් ශීතකරණයේ තබා පැමිණි අමුත්තාට සංග්‍රහ කරන්න. අවශ්‍යනම් මෙයට අයිස් ක්‍රීම් ටිකක් මිශ්‍ර කරන්නත් පුළුවන්. පවුලේ අයට රසවිඳින්නත් මෙය කදිම රසවත් පානයක්. ඒ වගේම මම සඳහන් කළ සෑම රෝගයකටම මේ පානය ඉතාම ගුණයි. කොමඩුවල රසායනික සීනි සංඝටක පවතින නිසා මෙයට සීනි දැමීමට අවශ්‍ය නොවේ.

කොමඩුවල හිතකර ගුණ

දාහ ගතිය දුරු කිරීමට ගම් කොමඩු ආහාරයට ගන්න, ඇතැම් අවස්ථාවල දී ශරීරයේ ඇතිවන කැසීමට කොමඩු ආහාරයට ගැනීමෙන් කැසීම නැති වෙයි, ඔබත් සමෙහි පැහැපත් බවට උනන්දුවන කාන්තාවක් ද? පුරුෂයෙක් ද ? ඒ පැහැපත් බවෙහි රහස කොමඩු පළතුරෙහිය රැඳී ඇත, මළ බද්ධයෙන් පීඩා විඳින අයෙකුට කොමඩු ආහාරයට ගැනීමෙන් මළ බද්ධයෙන් මිදීමේ අවස්ථාව උදාවෙයි, උදරයේ වතුර පිරෙන රෝගී තත්ත්වයෙන් මිදීමට කොමඩු උදව් වේ. මේ නිසා ශරීරයේ ද්‍රව රැස්කිරීමේ තත්ත්වය මග හැරීයයි, හෘද රෝගවලට බෙහෙවින් ගුණදායක බැවින් නිතර නිතර කොමඩු පළතුර කෑමට එකතු කර ගැනීමට ඔබත් සැළකිලිමත්වන්න.

බඩවැල්වල ඇතිවන පිළිකා රෝගයෙන් ඈත්වීමට නම් ඔබ කළ යුත්තේ කොමඩු ආහාරයට ගැනීමයි, මුත්‍රා ගල් යනු අද බෙහෙවින් බහුලව හමුවන රෝගයකි. මුත්‍රාගල්වලින් ඈත්වීමට කොමඩු පළතුර කදිමයි, අස්ථි දිරායාම පිළිබඳ ඔබත් සිටින්නේ බියෙන් ද? එසේ නම් කොමඩු පළතුර නිසා ශරීරයේ අස්ථි දිරායාම සිදු නොවෙයි, දෙනෙතෙහි ඇති විය හැකි රෝගවලට ගුණදායකයි, මානසික ආතතිය නිසා පීඩා විඳින සමහර අයට ඉන් දුරුවීමට කොමඩු පළතුරෙන් ලැබෙන්නේ අපූරු ගුණයක්, සිතෙහි ඇතිවන නොසන්සුන්කම දුරු කිරීමට මෙම පළතුරු හොඳ පිළිතුරක්.
ශරීරයෙහි ප්‍රතිශක්තිය වඩවන බැවින් ප්‍රතිශක්තිය ඇති කිරීමට කදිම පළතුරකි, අසාත්මිකතා නාශක ගුණයක් කොමඩු පළතුරෙහි අඩංගුයි. ඒ නිසා අසාත්මිකතා වැළඳෙන අයට මෙම පළතුර මනා ඖෂධයක්, උණ රෝගය නසයි, ඉරුවාරදයට ගුණදායකයි, කොලෙස්ටරෝල් නිසා විවිධ ආහාර ගැනීමෙන් වැළැකී සිටින්නන්ට කොමඩු ආහාරයට ගැනීමට බියක් ඇතිකරගත යුතු නොවෙයි, සන්ධි රෝගයට සුදුසුයි, වකුගඩු හා මුත්‍රාශය පිරිසිදු කරයි, කෑම දිරවීම පහසු කරනා බැවින් ආහාර ගැනීමෙන් පසුව කොමඩු කැබැල්ලක් අතුරුපස ලෙස ආහාරයට ගන්න. එවිට කෑම දිරවීම පහසු කරයි, ශරීර අභ්‍යන්තරයේ සිටිනා පණුවන්ට අහිතකරයි.

බඩ පපුව දැවිල්ලෙන් පෙළෙන අයෙකුට කොමඩු පළතුර ආහාරයට ගැනීමෙන් සුවදායක බවක් හිමිවෙයි, අර්ශස් රෝගයට උචිතයි, සම පැලීමේ තත්ත්වය ඔබට කරදරයක් ද? ඉන් සුවවීමට කොමඩු නිතර නිතර ආහාරයට ගන්න, පිළිස්සීම් ඇති වූ අවස්ථාවක දී කොමඩු කෑමෙන් ඊට සුවදායක බවක් දැනෙයි, තුවාල ඇති වූ අවස්ථාවලදී හා අත් පා කැඩීමක දී කොමඩු පළතුර කෑම සුදුසුයි, අජීර්ණවල දී කෑමට බිය විය යුතු නොවෙයි, තරබාරු බවින් යුක්ත වූවන්ට කොමඩු කෑම තරබාරුකම පාලනයට උදව් වෙයි.

කොමඩුවල අහිතකර ගුණ

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට අහිතකර පළතුරක්, සෙම් ප්‍රතිෂ්‍යාව සැඳුණු අය කොමඩු කෑමෙන් වැළකී සිටිය යුතු ය.

උපුටාගැනීම අන්තර්ජාලයෙනි 
Siththam Maya | Anu Perera. Powered by Blogger.