Ads Top

Thank You Tharuu


Thank You Tharuu

Siththam Maya | Anu Perera

මේ ෆේස්බුක් මොන වදයක්ද කියලා ඊයේ දවසම පැත්ත පළාතේ පස් පෑගුවේ නෑ. ඒ උනාට ඉතිං කොච්චර පොර ටෝක්ස් දුන්නත් මේකට ඔළුව දාන්නේ නැති එකෙන් නෑනේ. ඒ හින්දා ඔන්න කද මළුත් බැඳගෙන මාත් අද උදෙන්ම ගොඩ උනා ෆේස්බුක් එක පැත්තට. 

හඃ .... ආපු ගමන් දැක්කා මගේම ෆොටෝ එකක්. මේ උඩ තියෙන ෆොටෝ එක. තරු ඔයාට ගොඩාක් ස්තූතියි. මොකද මේ ෆොටෝ එක මම ගොඩක් ආස කරපු, තවමත් ආස කරන ෆොටෝ එකක්. පොඩි කාලේ, මට මතක හැටියට මේ මම ඉන්නේ දෙක(2) වසරේ. දහම් පාසල් තරඟ වලට සහභාගී වෙන්න ලොකු හාමුදුරුවෝ සහතික කලේ මෙන්න මේ වගේ ෆොටෝ එකක් පිටිපස්සේ. Identity Card එකක් ලැබෙනකම් මේ ෆොටෝ එකෙන් තමයි දහම් පාසල් තරඟ වලට මම සහභාගී උනේ. මොකද මහා ලොකු වෙනසක් තිබුනේ නෑ අලුත් ෆොටෝ අරගෙන සහතික කරන්න තරම්. අවුරුදු ගාණක් ඒ ෆොටෝ එක මගේ ලඟම තිබුනේ. Original ෆොටෝ එකේ Copy මගේ යාළුවෝ ඉල්ලුවම දුන්නා. ගැහැණු ළමයිනේ ඉතිං ඒ වගේ සුකුරුත්තන් වැඩ කොහොමත් තියෙනවනේ. අනික ඉස්සර අපේ අතේ ඉපදෙනකොටම Phone තිබුනෙත් නෑනේ selfie ගහගෙන ලඟ තියාගන්න. යාළුවන්ගේ මතකයන් අපි ගාව තියාගන්නේ ෆොටෝ ඉල්ලගෙන. සෙල්ෆියක් ගහලා ෆේස්බුක් අප්ලෝඩ් කරාට වඩා වැඩි හැඟීමක් ඒ ෆොටෝ එකතුව තුල තියෙනවා.  

Home Page එකේ තරිශනී මේ ෆොටෝ එක දාලා තියෙනවා දැක්කම හිතට ලොකු සතුටක් වගේම සැනසීමක් දැනුනා. මොකද මම ගොඩක් ආදරේ කරපු මගේ පොඩි කාලේ මේ ෆොටෝ එක මගේ අතින් නැති වෙලා තිබුනේ. ඒක කාට කාටද දුන්නේ කියන මතකයක්වත් තිබුනේ නෑ. ගේ දෙක කරගෙන හොයලත් හම්බුනේ නැති පාර මම ඇස් රතු වෙනකම් ඇඩුවා. ටික කාලෙකට කලින් #NowAndThenChallenge එක මට ලැබෙද්දීත්, යාළුවෝ හැමෝගෙන්ම වගේ මගේ නම යෝජනා වෙනකොට මම ඒ අභියෝගය බාර ගත්තේ නෑ. මොකද Now and Then එකට දාන්න කොච්චර පොඩිකාලේ ෆොටෝස් Album පිටින් තිබුනත් මම ආස කරපු, මම මටම ආදරේ කරපු ඒ පරණ ෆොටෝ එක මගේ ලඟ තිබුනේ නැති නිසා. ඒක හිතේ ලොකු හිඩැසක් වෙලා තිබුණා. 

ඒත් අද ඒ ෆොටෝ එක අහම්බෙන් මගේ යාළුවා මුහුණු පොතට දාලා තිබුනා. මගේ එක (1) වසරේ යාළුවා, ඊටපස්සේ A/L යාළුවා. තරිශනී, ඔයා මට ලොකු වටිනාකමක් අද දුන්නේ යාළුවා. මතකනේ ඔය කාලේ අපි ඉන්ටවල් එකට කලින් උත්පලාගේ මැගී එක කනවා, ඊටපස්සේ ඔයා ගේන ටිකිරි පාන්, ඊටත් පස්සේ මම ගේන පෑන් කේක්. අදටත් වෙනසක් නැතුව කෑමට බීමට අපේ දක්ෂකම තියෙන්නේ ඒ පුරුදු පුහුණු වීම් වල ප්‍රතිඵල වෙන්න ඕනේ. ඒ වගේම අපේ මොනාලි උත්පලාට බනිනකොට අපි ගිහින් බේරාගන්නවා. ඒ අතීතය හරිම දඩබ්බරයි, හිතුවක්කාරයි, ඒ වගේම තමයි අපේ හිතත් හොඳයි, නැද්ද තරියෝ ? 

තැන්කු ගොඩක් ඔයාට.... 
- අනූ  

Siththam Maya | Anu Perera. Powered by Blogger.