Ads Top


ඔබේ සිත හදා ගත යුත්තේ ඔබමය.
සිත හදාගන්න බැහැයි කීම ඔබේ තීරණයක් මිස සත්‍යයක් නොවේ.
දුක් ඕනෑ නම් දුක ගැනම සිතන්න.
සැප ඕනෑ නම් සැප ගැන සිතන්න.
මරණය ගැන සිතීමට පෙර හොඳින් ජීවත්වීම ගැන සිතන්න.
මරණය ගැන නොසිතුවත් මරණය නියමිත වේලාවට සිදුවෙනු ඇත.
එක නරක පුරුද්දක් ජයගන්න. එවිට ඉතිරිය පහසු වේ.
රෝගයකින් සුවය ලබන තුරු නිරෝගිකමේ අගය වැටහෙන්නේ නැත.
සිතේ කරදර අඩුවන තරමට එහි අගය දැනේ.
ඔබේ සිත තරම් උතුම් වස්තුවක් වෙන නැත.
එසේම එය සියළු දුකට හේතුවන නරකම වස්තුව ද කරගත හැක්කේ ඔබටමය.

- සුමනදාස සමරසිංහ, “මිනිස් හිතේ හාස්කම්” පොත් පෙළෙන්.

Siththam Maya | Anu Perera. Powered by Blogger.