Ads Top

Chitral Somapala, The Rocker


Chitral Somapala, The Rocker

Siththam Maya | Anu Perera

ටික දවසකට කලින් මනා අනූට පෙන්නුවා පොඩි වීඩියෝ කෑල්ලක්, " ඇහැරෙන්න " කියලා. අතෝරක් නැතුව කියව කියව ඉන්න වෙලාවේ කටට විනාඩි හතරක පොඩි ඉන්ටවල් එකක් ලැබුණා. කිසිම හැල හොල්මනක් නැතුව මේ සිංදුව අනුවා අහන් හිටියා. සිංදුව කියන්නේ රොක් ගායක චිත්‍රාල් සෝමපාල. මීට කලින් එතුමා වෙළඳ දැන්වීම් දෙකකට කියපු " නදී ගංගා තරණයේ " සහ " මිරිඟුව පරදා " කියන ගීත දෙක විතරයි අනූ දැකලා තිබ්බේ, ඒ සිංදු දෙකම පට්ට ලස්සනයි හැබැයි එච්චර මෙව්වා එකකින් ඇහුවේ නෑ. ඒත් මේ " ඇහැරෙන්න " අනුවට අමුතුම මෙව්වා එකක් දුන්නා. හරියට භාවනාවකට සමවැදුනා වගේ. එහෙම වෙන්න එපැයි ඒ ලෝක පූජිත කටහඬට හඳගම මහත්තයාගේ සුපිරි වැඩක් එකතු වෙද්දී. (Let Her Cry)

ලංකාව රොක් වෙන්න හොඳ නැතෙයි ? අනූ මෙහෙම ඇහුවේ මොකද පහු ගිය දවසක චිටිගේ ආර්ටිකල් එකක කොමෙට්ස් වගයක් තිබුණා පොරට හොඳටම බැනලා. අනුවගේ අදහස නම් කිසිම විදියකින් යල් පනින්නේ නැති එකම දේ සංගීතය කියන එක. පෙරදිග වේවා අපෙරදිග වේවා සංගීතය යනු සංගීතයමයි. ඒ ඒ ශෛලියට අදාළව ෆෑන් බේස් එකක් ඉන්නවා. කිසිම වෙලාවක කිසිම කෙනෙකුට බෑ අහවල් සංගීතය හොඳය, අහවල් සංගීතය නරකය කියන්නට. ලංකාවේ සුද්දගේ හැම රෙද්දටම ආවඩනවානම් ඇයි ලංකාව රොක් වෙන්න බැරි ? 

හැබැයි තව දෙයක් සංගීතය කියන්නේ කොහෙවත් නැති ගොන් ආතල් වචන ටිකක් පුරවන එකක්වත්, හිතාගන්න බැරි බර වචන ගොඩාක් දාන එකවත් නෙවෙයි කියලා මේ සංගීතෙට අතවත් නොගහපු අනුවා  නම් හිතන්නේ. පෞද්ගලික මතය හොඳයි ඇත්තටම වැරද්දක් තියෙනවානම්, සාධාරණ හේතු නැත්තං. 

අනික ඉතිං චිටියා කොහෙවත් ඉන්න සොකඩයෙක් වෙන්නේ කොහොමද බං අම්මයි තාත්තයි අච්චර දක්ෂයෝ වෙනකොට, සංගීත ලේ ඇඟේ දුවන හින්දා ඉතිං වැඩකරුවෙක් වෙන්නම එපැයි. කනට දාපු කරාබුවෙන් , ඇහි බැමක් හිල් කරගත්තට, කොන්ඩේ උරහිස ගාවට දික්කරගත්තට කෙනෙක්ගේ දක්ෂකම අවතක්සේරු කරන්න බොලාට බෑ බං. 
Click the Link below Chitral's 
AHARENNA
- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.