Ads Top

DEEPIKA PADUKONE vs PRIYANKA CHOPRA


DEEPIKA PADUKONE vs PRIYANKA CHOPRA 

සිත්තම් මායා | අනූ පෙරේරා 

බොලිවුඩය කරට කර සිටින අතිශය ජනප්‍රිය දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රා අතරින් පෞද්ගලිකව මම වඩාත් කැමැත්තක් දක්වන්නේ දීපිකා පදුකෝන් හටය, එනමුත් ඇයගේ ජනප්‍රිය බව අභිබවා යන අතිදක්ෂ රංගනයක් මා දුටුවේ නැත, දක්ෂයි යැයි කිව හැකිව රංගනයෙන් දායක වූවේ 2013 දී තිරගත වූ රාම්-ලීලා හි ලීලා ගේ චරිතයයි. නමුත් ඒ වනවිටත් ප්‍රියංකා ඇයගේ colors පෙන්නා හමාරය, ඒ 2012 දී තිරගත වූ බර්ෆි චිත්‍රපටයෙනි. දීපිකා ජනප්‍රිය වන විට මා කැමතිම දක්ෂයා වූවේ ප්‍රියංකා ය. දීපිකාද ප්‍රියන්කාද ඇසු විට මා ලබා දුන් පිළිතුර වූවේ ආසම දීපිකා දක්ෂම ප්‍රියංකා යනුවෙනි. 

ඔවුන්ගේ සුරූපී බව, ධනවත් බව මෙන්ම පෙම්වතුන් ප්‍රමාණයෙන් ඔවුන්ගේ දස්කම් මැනිය නොහැක. මා අවබෝධ කරගත් දේ නම් ජනප්‍රිය බව තාවකාලික වන නමුත් අති දක්ෂ බව සදාතනික බවයි. 

කෙසේ හෝ මෑත දිනකදී දීපිකා ඇයගේ colors එක පිට එක පෙන්නුවාය. මුලින්ම ඉන්දියාවේ පමණක් නොවේ ලෝකයක් පුරාවට කතා බහට ලක් වුනු වීඩියෝ පටයක ඇය නිරූපණය වූවාය. නිසැකවම ඔබ එය දන්නවා, " MY CHOICE " ඉන්දීය කාන්තාවකගේ අයිතිය ගැන ඇඟට දැනෙන්නට වෝග්ලා කියාදුන් වීඩියෝවකි, කාන්තාව, පිරිමියා නොව එය මනුෂ්‍යයාගේ තේරීම සම්බන්ධ පරිණත සංකල්පයක් ලෙස එය අර්ථ දැක්වේ. එනමුත් එමගින් ඇයගේ රසික හවුල දෙදරා ගිය බවක් මා අතරින් පතර කියවූ ලිපි වල තිබුණු අතර ඒ මොහොතේ ඇය, මාගේ රසක් නැති ලිපියක ගෞරවය ලැබිය යුතු බව සිතුණි. එනමුත් කිහිප දිනක් යනවිට එයත් මට අමතක විය. ඇය භාරගත් අභියෝගය අති විශිෂ්ඨය. Actually It's #DEEPIKAS_CHOICE. 

ඉන්පසු මෑතකදී නැරඹු PIKU තුළින් තව තවත් විශිෂ්ඨ බවේ ඉහළටම ගියාය. රඟ නොපා කළා වූ රඟපෑමකි එය. ඇයගේ සෑම චිත්‍රපටයකදීම ඇය නිරූපණය කරන පෙම්වතියගේ චරිතයෙන් එහා ගිය අවේගශීලි දියණියක සේ ඇය රංගනයෙන් දායක වෙයි. දීපිකා දක්ෂ වූවා නම් ඒ අධ්‍යක්ෂකවරයාගේ හපන්කමයි. SHOOJITH SIRCAR නමින් PIKU හි අධ්‍යක්ෂකවරයායි. එලෙසම එවන් කතාවක් ලිවූ JUHI CHATHURVEDI ද හපනෙකි.  පීකු පිළිබඳව කියනවාට වඩා එය බලන්නට පුළුවන් නම් වටී. 

කෙසේවෙතත් ලාංකීය මෙපමණ දේ අගය කිරීමට ඇති කළ බොලිවුඩයට සෙත්කවි කීම නොකරමි. දීපිකා - ප්‍රියංකා තරඟය ගැන දැක්වූ අදහසකි. 

- අනූ 
Siththam Maya | Anu Perera. Powered by Blogger.