Ads Top

පිච්ච මලක් වෙන්න


පිච්ච මලක් වෙන්න 

සිත්තම් මායා | අනූ පෙරේරා 

කවදත් වගේ හොඳ වැඩ වලට සහභාගී වෙන්නේ කීයෙන් කීදෙනාද කියලා කවදත් වගේ එදිනත් මම දැක බලාගත්තා. මෙන්න මේ වගේ වෙලාවල් වලට තමයි මට හිතෙන්නේ මම මොකට පරාර්ථකාමී වෙනවද කියලා අනුන්ගේ වැඩ වලදී. එහෙම ඉන්නත් අමාරුයි මොකද මම කතා කළොත් බොක්කෙන්ම උදව් කරන සෙට් එකකුත් මට ඉන්න නිසා. එයාලා නිසා එයාලගේ හොඳ හිත් නිසා මට ආත්මාර්ථකාමී වෙන්න ටිකක් අමාරුයි. අනික ඉතිං අපි කරගන්න දේවල් අපිට තියෙයි. 

ගමේ පන්සලටත් වැඩිය මට වට්ටාරම පන්සලට ලොකු ලැදියාවක් තියෙනවා. වෙද මහත්තයයි සමිත ස්වාමින් වහන්සේයි කියන්නේ යහගුණයෙන් සපිරි ආශ්‍රයට මෙන්ම වටිනා උපදෙස් නිරන්තරයෙන් ලබාගන්නට පුළුවන් හිත හොඳ පුද්ගලයන් දෙදෙනෙක් නිසාවෙන්. උඳුවප් පෝයට වට්ටාරම ශ්‍රී අරහන්ත මලිදෙව් රජමහ විහාරයේ අති උත්කර්ශවයෙන් පැවතීමට සූදානම් පිංකම් මාලාවේ දායකත්වය ලබාදීමට වෙද මහත්තයා මටත් කතා කළේ මමත් එතැන වැදගත් චරිතයක් වන නිසා හින්දා වෙන්න ඇති. ඒ ගැන නිරහංකාර ආඩම්බරයක් නැතුවාම නෙවෙයි. කෙසේ නමුත් වෙද මහත්තයාගේ මෙන්ම සමිත ස්වාමින් වහන්සේගේ සෙවණ මට විතරක් නොතබා ගනිමින් මා සමඟ එන සියළු දෙනාට ඒසෙවණ ලබා දීමට මම කටයුතු කරන්නේ කිසිදා අපතේ නොයනා මනුස්ස පරාණ දෙකක් නිසා ඔන්න. 

දන්නවනේ ඉතිං අතේ සතේ නැතත් මම භාර ගත්ත වැඩක් වදෙන් පොරෙන් බේරෙන්න කරන කෙනෙක් නෙවෙයි. මට පුළුවන් උපරිමයෙන්, මට බැරි උනත් ඒ වැඩේ උපරිමයෙන් මම කරනවා. කවුරු හිටියත් නැතත් මම ඒක කරනවා. අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන් යාළුවො අරගෙන වෙද මහත්තයව හම්බවෙන්න ගියේ අපෙන් කියලා වෙන්න ඕනේ මොනවද අහන්නයි. පිංකමට චෛත්‍යට යන මාවතේ පිච්ච මල් වියනක් හදන සැලැස්මක් තිබුණා. මම භාර ගත්තා ඒ වැඩේ. ලේසි නෑ, පිච්ච මල් පනස් දහසක ( 50 000 ) වගේ පිච්ච මල් වැල්. ' උඹ භාරගත්තා නම් උඹම කරපන් ' කියලා ඔයාලා හිතයි. අනේ කමක් නෑ. ඔයාලා වගේ නෙවෙයි මාත් එක්ක ආපු හැමදෙනෙක්ම කිව්වේ ' අවුලක් නෑ අනූ අපි කරමු ' කියලා. ඒ වචනෙට ගරු කරලා එයාලව මට විශ්වාස කරන්න පුළුවන් කම තියෙනවා. 

පිච්ච මල් වලින් මේක කරන එක ලොකු ප්‍රයෝගික බවක් නැති නිසා වෙද මහත්තයා යෝජනා කළේ අපි රෙදි වලින් පිච්ච මල් හදලා මල් වැල් අමුණමු කියලයි. ඉතිං ඔහු අපිට රෙදි අවශ්‍ය පරිදි දෙනකොට අපි හරි හරියට කඩිසර වෙලා මල් වැල් ගෙතුවා, හරිම රසවත් ඒ වැඩේ. මොකද දන්නවද අපි තුන් හතර දෙනා උනත් එකට එකතු වෙලා හරිම විනෝදෙන් ඒ වැඩේ කරපු නිසා. මේක මම අවස්තාවක් කරගන්නවා ඔයාලට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති කරන්න. ඒ වගේම ගොඩාක් පිං. :) 

#Volunteer #JF 
https://web.facebook.com/juniorsfoundation

- අනූ 


Siththam Maya | Anu Perera. Powered by Blogger.