Ads Top

මිනිස් සතා


මිනිස් සතා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මම ස්වාධීන කෙනෙක් 
වරදක් පෙන්වන්නට පුළුවන් 
හැබැයි 
කාටවත් බෑ මට අණ කරන්න 
කොටින්ම අම්මගේ තාත්තගේ අණ උනත් සීමිතවයි අහන්නේ 
වැරදි අඩුවෙන් කරන්නේ 
මොලයක් කියලා දෙයක් තියෙනවනේ 
උඹ මට හොඳයි නම් මාත් උඹට හොඳට හිටීවි 
තරාතිරම් කුලමල මට වැඩක් නෑ 
උඹේ පෞද්ගලිකත්වයවත් මට වැඩක් නෑ 
යාළුවෙක් විදියට සැටිස් නම් 
මම උඹව ආස්සරේ කරනවා 
මගේ අතේ වරදක් තියෙනවා නම් 
පෙන්නලා දීපන් 
අණ කොරන්ට එපා 
ඒකනේ යාළුකම 
අරයගෙ හතුරා මෙයාගේ හතුරා 
උනාට 
මට හතුරෙක් නෙවෙයිනේ 
හැබැයි 
මාව උනත් පරිස්සමින් ආස්සරේ කරහල්ලා 
අපි මිනිස්සුනේ 
වැරදි වෙන්ට පුළුවන් 
බැඳීම් ඇති කරගැනීම නැති කරගැනීම 
උඹේ වැඩක් 
මගේ ලිමිට් එකේ උඹව ආස්සරේ කිරීම 
මගේ වැඩක් 
එක බඩවැල කඩාගෙන ආපු 
යාළුවො සැට් එකක් අදටත් ඉන්නවා 
ඒ අතරේ අව්වකට වැස්සකට විතරක් 
මගේ යාළු රවුමට ආපු මිනිස්සුත් ඉන්නවා 
කොහොම කොහොම උනත් 
" මිනිහා " කියන සතා 
පරිස්සමින් ආස්සරේ කරහල්ලා 
හරිම භයානකයි 
හරිම විසකුරුයි 

ප.ලි. - අනේ ඉතිං කාටවත් හින්ට් එකක් නම් නෙවෙයි ඔන්න. අනුවගේ අත කහනවට ටයිප් උන එව්වා :3 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.