Ads Top

Flowers with No Owners - අයිතිකාරයෝ නැති මල්


Flowers with No Owners - අයිතිකාරයෝ නැති මල් 

Siththam Maya | Anu Perera

ඒකාකාරී විදියට ජිවිතේ ගෙවනවා තරම් අමාරු වෙන කිසිම දෙයක් මට නෑ. පෑනකුයි කොලේකුයි බදාගෙන හැමදාම මහා ගත්කරු වගේ ඉන්න එකත් ලේසි නෑ. ඒකයි මේ ටිකේ සිත්තම් මායා අමතක කරලා හිටියේ, හැබැයි අද වචන නොකර ඉන්නම බැරි සිදුවීමක් උනා. මේ විස්තර කරන්න හදන්නේ ඒ සිදුවීමයි. 

කාලෙකින් බුකියට අළුත් මුකුත් දැම්මෙත් නෑ. ඒ නිසා උදේම, අලුතෙන් කරන්න හදන වැඩේ පිටපත ලියන අතරේ ගත්තු සෙල්ෆියක් බුකි ගත කළා. ඒ වගේම මේ ටිකේ නිළ නොලත් පොඩි පොඩි රාජකාරි කිහිපයක් නිසා අතිශය අතපසු උන වැම්පයර් ඩයරිස් අළුත් කොටස් දෙකම බාගත කරගත්තා. 

දාඩිය නොහෙලා හිටියට මොකද තාක්ෂණයත් එක්ක දියුණු උන බහුතරයක මිනිස්සු තමන්ගේ මොළේ වෙහෙසලා ඉස්සරහට යන්නයි දත කන්නේ. " අළුත් අළුත් දේ නොතනන ජාතිය ලොව නොනගී " කියලා කුමාරතුංග මුනිදාසයන් ලිව්වේ අත කහනවටම නෙවෙයි වෙන්න ඇතිනේ. 

ඔන්න ඔය වගේ ඔළුව කැක්කුම එනකම් අළුත් සංකල්පයක් එක්ක ඔට්ටු වේවි හිටපු මට ඇහුනා මාගේ දුරකථනය නාද වෙනවා. නොඅඳුනන අංකයකින් මා අමතන්නේ කවුද ? විමතියෙන්ම මම දුරකථන ඇමතුමට පිළිතුරු තැබුවා.

" හෙලෝව් "

" හලෝ "
" කවුද මේ ? "

" අමිල ......... නෑ පෙබාත්....... " පිරිමි ළමයි දෙදෙනෙකු මාරුවෙන් මාරුවට අමතයි.

" දෙනවකො මට, ඉන්නවකෝ පොඩ්ඩක් මට කතා කරන්න " ඔවුන් දෙදෙනා ටෙලිෆෝන් රිසීවරයට රණ්ඩු වන බවක් හැඟුනි. කුඩා ළමුන් දෙදෙනෙකු නිසා මමත් කන් දීගෙන පාඩුවේ හිටියා. 

" අක්කට අපිව මතකද ? "

" ම්ම්ම්ම්ම් ...... කවුද කියන්නකෝ ...... ? "

" රත්මල්ගොඩ අක්කලා ආවේ දවසක් "

" ආආආආ...... මේ මෙයාලානේ "

" අක්කා අපේ ෆොටෝ ටිකත් අරං ආයේ එනවද ? "

" හරි පැටියෝ අපි ආයේ එන්නම්කෝ... ඉස්කෝලේ ගියාද ? "

" ඔව්, ඔව්, අනේ ඔයාලා ආයේ එන්නකෝ "

එතැනින් පසු සංවාදය අවශ්‍ය නැත. මම තත්පර ගණනකට එකම තැනක නැවතුනා වගේ. මාස හතර පහකින් ආපස්සට ගියා වගේ. අමිල, ප්‍රබාත් වගේ තව පුංචි දරුවෝ දහයක් පහළවක් ඇඟ උඩ පුරවාගෙන ෆොටෝ ගත්තු හැටි, එයාලා එක්ක, එයාලා ගාවින්ම ඉඳගෙන අපි ඔක්කොම එකට තේ පැන් සංග්‍රහය භුක්ති විඳපු හැටි මතක් උනා. සමාජයේ භාහිර හැම කෙනෙක් එක්කම මොලයෙන් ජිවත් වෙන්න දඟලන වෙලාවේ ඒ මොහොතේ මම හදවතින්, නිරායාසයෙන් ජිවත් උන හැටි මතක් උනා. 

කාත් එක්කද ? 
- අයිතිකාරයෝ නැති මල් එක්ක. 

මොනවද මේ අයිතිකාරයෝ නැති මල් ? 
- පහළ ලින්ක් එක උඩ ක්ලික් කරලම බලන්නකෝ :) 

#ComingSoon #Anu_With_JuniorsFoundations #Sathuta_II


Siththam Maya | Anu Perera. Powered by Blogger.