Ads Top

පොඩි විසේ


පොඩි විසේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

" ඒකි බෑ කිව්වොත් නම් මට ජීවත් වෙලා වැඩක් නෑ බං "

ගෙදර ඉස්තෝප්පු කෑල්ලේ හාන්සි පුටුවකට වෙලා අනෝමා මැඩම්ගේ ' පුනරුක්ති ' පොත කියව කියව ඉන්නකොට මට ඇහුනා පාරේ යමින් ගමනේ කොල්ලෝ දෙන්නෙක්ගෙන් එකෙක් කියනවා. ජිවිතයේ තමන්ට තිබෙන අවසාන ප්‍රශ්නය මෙන් පිළිතුරු සොයන මේ සූකරයා කවුද කියලා හොයල බලන්න ඇහැ ගේට්ටුව දිහාට උල් උනේ මටත් නොදැනීමයි. 

" මේ අහවලානේ " 

මේ අහවලාට ගෑනු සුවඳ පස්සේ යන්න අඩුම තරමේ සුදුසුකමක් විදියට සාමාන්‍ය පෙළවත් තියෙනවනම් කියලා මට හිතුනා. කමක් නෑ හරි හමන් ජාතකයක් නැති උන්ට මොකට බනිනවද කියලා හිත හදාගෙන මම පොත කියවන්න පටන් ගත්තා 

ඒත් පොඩි ගැටළුවක්, මේ අහවලාගේ දෙමව්පියෝ සම්බන්ධයෙන්, මහ උන්ගේ වැරදිද ? මුන්ගේ වැරදිද ?

- අනූ 
Siththam Maya | Anu Perera. Powered by Blogger.