Ads Top

I donated Blood 4 - අමිල රුහිරය 4 ( 2015-12-02 )


I donated Blood 4 - අමිල රුහිරය 4
2015-12-02 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ගොඩක් කල් ගත්තා 
පිං කරන්න 
මොනවා කරන්නද 
ජීවිතේ කාර්යබහුල අධික වෙලාවල් එනවනේ 
ගෙදරින් ඉඩ නොදෙන වෙලාවලුත් එනවනේ 
මගේ හිතුවක්කාරකමට 
ඔය කිසිදේක ඉඩක් නෑ 
තියෙන වැඩක් යකාට ගියාවේ කියලා 
මල්ලිත් එක්ක ගියා 
කුරුණෑගල ඉස්පිරිතාලෙට 
මගේ සුපුරුදු ඇඳ උඩ මම ඇලවුනා 
සුපුරුදු කටු මගේ නහර විදගෙන ඇතුලට ගියා 
මට රිදුනද ?
නෑ 
හැබැයි මගේ මල්ලිට රිදුනා 
මිනිත්තු ගණනකදී 
ඒ උණු ලේ 
මට පිං දිදී 
පයින්ට් එකක් ඇතුළට ගියා 
අළුත් ලේ මට උනාවී 
ලේ දුන්න කවුද මැරුණේ ?
ආයුෂ වැඩිවෙලා ජීවත් උනා මිසක් 
මල්ලී මම දිහා බලලා 
මාව ආදර්ශයට ගත්තා 
දහඅට (18) පැනපු ගමන් එයත් ලේ දෙනවලු 
මම ස්තුතිවන්ත වෙනවා 
මගේ හයිය හිතට 
ම‍ගේ දේහය අප්‍රාණික නොකලාට 
මම ස්තූතිවන්ත වෙනවා 
වැටෙන්න නොදී මාව පරිස්සම් කරගත්ත 
මගේ මල්ලිට 

මේක සුන්දර අත්දැකීමක් 
විඳලා බලන්න ඒ මිහිර 
මිනිස්සු වෙනුවෙන් 
ගිරිය රත්වෙනකම් 
කෑගහන 
සමාජවාදයක 
කාටවත් නොපෙනෙන 
සේවයක් කරන්නට 
තියෙන්නට ඕනේ උඹට 
ගට් එක 
අන්න මිනිස්සු වෙනුවෙන් 
මම, උඹ, අපි කරපු දෙයක්  
තේරුනැයි ?

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.