Ads Top

තාවකාලික සමුගැනීම


තාවකාලික සමුගැනීම 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ප්‍රේමයක් බිඳුනාක් මෙන් 
මගේ හදවත රිදුම් දෙයි 
අනේ හදවත ඇයි මේ 
තාවකාලික වෙන්වීමක් 
මගේ එක් පවුලකින් 
කලා ලොකයේ මගේ මුල් ගුරුවරුන්ගෙන් 
මේ කලාවට ආවේ 
නොකරන්න සිය දාහක් හේතු තිබියදී 
ඒත් මෙතරම් ඉක්මනින් 
අනේ එපා 
මම ඉපදුනේ 
කලාවට මිසක් 
අනුන්ට කඹුරන්නට නෙවෙයි 
මේ ස්වාදීන බව 
හිස් මොලවලට තේරෙන්නෙ නෑ 
සල්ලි පස්සෙ යන උන්ට තේරෙන්නෙ නෑ 
ඒත් .. 
බල්ලොත් නොකන සල්ලි 
මගේ ජීවිතේට හරස් වෙලා 
දෙමව්පියෝ දෙන්නා නැති කාලෙක 
මට කවුරුත් නැති වෙයි 
ඇයි? 
සල්ලි නැති උනෝතින් 
මට දුකයි 
හොඳටම දුකයි 
තාවකාලිකව හරි වෙන් වෙන්න වෙනවට 
මට ඊරිසියයි 
හොඳටම ඊරිසියයි 
මගේ චරිතේ වෙන කෙනෙක් කරනවට 
' මං මේ මගේ වයසේ කොල්ලෙක් එක්ක යාලු උනාමයි ' 
අන්න එහෙමයි 
මගේ දෙබස් පටන් ගන්නේ 
දමන්දා උඹ මගේ චරිතේ ලස්සනට කරපං 
හර්ශ සර් , ප්‍රසාද් සර් 
ආයේ මම අමුතුවෙන් 
සුබ පැතුම් එකතු කරන්ට ඕනේ නෑ 
ඔයාලා ක්ෂේත්‍රයේ දැවන්තයෝ වෙනවා 
ඒකට සමාජයක් වගකියලයි ඉන්නේ 
සංඛ , මහේශි, හිමා, සෑම්, චිරා, බුද්ධි, නිප්පා, ගයා, වගියා, ප්‍රියා 
මොන ප්‍රශ්නේ ආවත් 
උඹලා ඉන්නේ මගේ හදවතේ 
උඹලට ජය 

- අනූ
Siththam Maya | Anu Perera. Powered by Blogger.