Ads Top

අනුවයි අයියයි


අනුවයි අයියයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට එකපාරටම මතක උනා 
එක්තරා අවුරුද්දේ පළවෙනි දවසක 
මම තාත්තාගෙන් බැනුම් අහපු විදියත් 
අයියා ඒ බැනුමෙන් ශේප් උන විදියත් 
ඒ කාලෙත් මේ වගේම දෙන්නම ඇට්ටරයි 
හැබැයි එදා මම මාට්ටු උනා 
දන්නවනේ පොඩි කාලේ 
ටීවී එක ඇතුලේ බැහැගෙන අපි ටීවී බලන්නේ කියලා 
ඒ කාලේ බැහැගන්න පේස්බුක් එක තිබ්බෙත් නෑනේ 
ඉන්ටර්නෙට් කියලත් මහලොකුවට 
අපේ හිත්වල පැලපදියම් වෙලා තිබුණේ නෑනේ 
ඉතිං අපි ඉස්කෝලේ වැඩ කරපු ගමන් යන්නේ ටීවී එක ලඟට 
ඊටපස්සේ සැට් එකත් එක්ක සෙල්ලමට 
ඔන්න ඔහොම එක දවසක් 
හාමුලා වගේ ටීවී එකේ බැහැගෙන 
හවස් යාමෙක ඉන්නකොට 
අපේ අම්මා බෙරිහන් දෙනවා තේ එක අරං යන්න එන්න කියලා 
එකෙකුට නෙවෙයි ඇහෙන්නේ ඉතිං 
එතකොට ජනවාරි පළවෙනිදා 
ස්වර්ණවාහිනියේ දවල් චිත්‍රපටිය ඉවර වෙන්න ඔන්න මෙන්න 
කුස්සියට ගිහිං තේ එක අරං එනවා වගේද 
පිල්ම් එකේ ක්ලයිමැක්ස් එක මිස් වෙන එක 
අනික ගියෙත් ශාරුක් අයියා නියමෙට රඟපාපු 
ඩොන් චිත්‍රපටිය 
අම්මා තවම කෑගහනවා 
ඔන්න තදවෙලා අයියගෙයි මගෙයි තේ දෙකත් අරං එනවා 
ඈ.... කේකුයි ආනමාලු ගෙඩි දෙකකුයිත් තියෙනවා 
කලින් කිව්වා නම් අපි කුස්සියට ගිහිං ගන්නවනේ 
' හනේ හනේ නෝනටයි මහත්තයටයි අතටම ගේනකං ඉන්නවා නෙහ් ? '
අම්මා අන්න එහෙම හිස් අවකාශෙට කියලා යන්න යනවා 
කේකුයි කෙසෙලුයි අන්තරස්ධාන වෙලා 
අපිද කෑවේ ?
මතක නෑනේ 
ඩොන් ඉවරයි 
ඊළඟට ජාතික රූපවාහිනියේ 
දඟර වලිග ලප වානර 
හිස් තේ කෝප්ප, කෙසෙල් පොතු, කේක් කුඩු 
තාමත් අපිත් එක්ක 
කාටූන් එකෙන් කාටූන් එකට අපිත් ඔට්ටුයි 
කළුවරත් වැටිලා 
තාත්තා ඇඟ පත එහෙම හෝදගෙන ගෙට ආවේ 
නිව්ස් බලන්න සෙට් වෙන්න 
අපි දෙන්න බලන නිව්ස් 
හතට පහක් තියලා අපි දෙන්නව බෙල්ලෙන්ම අල්ලගත්තා 
තාත්තා 
කාපු කාපු තැන්වල කාපු කාපු දේවල් තියෙනකොට 
මෙන්න මට බැනුම් කෝටියයි 
කෝ අයියට බැනුම් ?
අයියා ශේප් 
මූ මට හොරෙන් කෝප්පේ හෝදලා දාලද ?
මගේ කෝප්පේ වත්තෙන් එළියටම විසිකලා 
හිතුණා අයියාවත් මාට්ටු කරලා බැනුම් දෙකට බෙදාගන්න 
අපි පාවාදීම් කරලා නෑ මොන හොර වැඩේදිවත් 
ඒත් කෝ අයියගේ තේ කොප්පෙයි කෙසෙල් පොත්තයි ?
පහුවෙනිදා උදේ අම්මා ගේ අතුගානකොට 
පුටුසැටිය යට තිබිලා හම්බෙලා 

- අනුවා  

Siththam Maya | Anu Perera. Powered by Blogger.