Ads Top

මල්ලිලා


මල්ලිලා

සිත්තම් මායා | අනූ පෙරේරා

මල්ලිලා දෙන්නට මම දෙවියෙක්
කියලා එයාලම කියනවා
දන්නේ නෑ ඇයි එහෙම කියන්නේ
සමහරවිට මට තේරුණා ඒ ඇයි කියලා
ජීවිතේ ඉබාගාතේ ගෙවන්න
ඉරණම තීරණය කරලා තියෙනකොට
මම උන්ගේ ඉරණම මකපු හින්දා
අක්කෙක් අම්මෙක් උන නිසා
වෙන්න ඇති කියලා මම හිතනවා
කොලු කමට කරන වැඩ 
අම්මලටත් වඩා තේරුම් අරගෙන
ඒ පිස්සු වැඩ වලට 
මාත් සපෝට් කරන නිසා වෙන්න ඇති
කොච්චර සැර කරත්
මම උන්ට පණ ඇරලා 
උන් ඒක නොදන්නවා නෙවෙයි
කොච්චර බැනුම් ඇහුවත් 
උන් දන්නවා ඒ හදාගන්න කියලා
අනේ මන්දා මේ සහෝදර බැඳීම
ආත්ම ගාණක ඉඳලද


- අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.