Ads Top

දෙවියන්ට නොපෙනෙන ලක්දිව


දෙවියන්ට නොපෙනෙන ලක්දිව 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මා ආඩම්බරයෙන් උදම් ඇනූ දේශය 
සිරි ලංකාව 
මේ දේශයේ වැසියන්ගේ අභිමානය 
කුමක් වීද අද ඔබට මව්නි ?
පෙර තිබූ සුන්දරත්වය 
කොහේ සැඟවූවාද ?
හරිත වර්ණයේ කඳු 
ඇයිද මෙලෙසින් 
පොළොව සිපගෙන ?
බෝ කළ සිනා 
කෝ අද මිනිසුන්ගේ ?
කඳුළු පමණක් ඇයිද නෙතගේ ?
සිනහව උරුම නැතිද ඔවුනට ?
සොබාදම් මාතාවනි 
ඇයිද මෙලෙසින් කුරිරු වන්නේ 
සමස්ථ මානවයාට 
ඇයිද මෙලෙසින් එරෙහි වන්නේ 
මිහිපිට හුස්ම යදින සෑම ජීවීයාට 
මේ ඉහළට ගන්නා හුස්මත් 
නුඹේ අනුකම්පාවට ලද ත්‍යාගයක් බව 
අමතකද නුඹට 
දෙවියනේ කඳුළු උනන්නේ නැතිද 
නුඹේ දෙනෙතට 
මානවයා පීඩා විඳිනවා 
නුඹට නොපෙනේද 
ජාති ආගම් භේද නැතිවම 
මිනිසා දුක් විඳිනවා 
සතා සිව්පාවා දුක් විඳිනවා 
මේ යාඥාව නුඹේ පින් අනුමෝදමට නොවෙයි 
මේ යාඥාව අසරණ සිතට පිහිටක් ඉල්ලීමටයි 
ඔබ වහන්සේ හැර වෙන ගැලවුම්කරුවෙක් කොහිද 
නුඹ පිහිට වනතුරු අප බලාසිටියා 
දෙවියන් නොබැලූ මානවයාට 
පිහිටට ආවේ තවත් මානවයෙක් පමණි 

#අනුවා - දෙවියන්ගේ පිළිතුරු ලිපිය බලාපොරොත්තු වෙමින් 



Siththam Maya | Anu Perera. Powered by Blogger.