Ads Top

ප්‍රේමය


ප්‍රේමය 

සිත්තම් මායා | කීර්ති වික්‍රමරත්න 

ප්‍රේමය 
එය අවර්ණය, 
එහෙත් 
එහි වර්ණය 
සිත පුරා තැවරෙයි.
විටෙක මද පවනකි, 
එහෙත් 
එහි බැදීම 
යදම් ලූවා සමානය.
එය නිශ්ශබ්දය, 
එහෙත් 
එහි දෝංකාරය 
නිතර එසෙනු ඇත.
එය නිශ්චලය 
එහෙත් 
නිතර දෝලනය වෙයි.
විටෙක 
ඇස් මානයේ තිබිය හැක. 
එහෙත් සොයාගත නොහැක.
පූජනීය වන නමුදු 
පූජා කිරීම ඉතා අපහසුය.
එය සාමාන්‍යය... 
එහෙත් 
පුදුමාකාරය.
සිත තුල ජනිතවී, 
මිනිසා ජීවත් කරවා 
අත්මය සනසාලන 
එකම අශ්වාදය 
ප්‍රේමයයි.

#කීර්ති 

Siththam Maya | Anu Perera. Powered by Blogger.