Ads Top

ආගම සහ විද්‍යාව


ආගම සහ විද්‍යාව

සිත්තම් මායා | කීර්ති වික්‍රමරත්න 

මිනිසුන් 
දැනුම පද්ධති වෙනුවෙන් 
ගැටුම් ඇතිකරගන්නා විශාලම තලය 
ආගම සහ විද්‍යාවයි. 
ආගම සහ විද්‍යාව 
යම් යම් තැන් වලදී 
එකිනෙකට සමපාත වෙමින් 
සමාන්තරව ගමන් ගන්නා 
දැනුම පද්ධති දෙකකි. 
ආගම පදනම් වන්නේ 
මිනිස් ජීවිතයේ සහ විශ්වය 
පිළිබඳ විශ්ලේෂණයකිනි. 
විද්‍යාව එහි මූලධර්මයන් මත පදනම් වෙයි. 
කෙසේවෙතත්
විද්‍යාවද දිනෙන් දින වෙනස් වෙමින් ගමන් කරයි. 
එම වෙනස් වීම 
ආගමික සංකල්ප හරහා අවබෝධ කර ගත හැක. 
විද්‍යාව 
මිනිසාතුල කුතුහලයක් ඇතිකරයි. 
ඒ කුතුහලයෙන්ම තවත් දැනුම රැස්කරගැනීමට මග තැනේ. 
දැනුම සොයා යන මාවතේ 
මිනිසා හති වැටී නැවතුනු විට 
අවසානයේ 
සෑහිමට පත්වියයුතු ආකාරය ආගම තුලින් පෙන්වයි. 
කාර්මිකව, තාක්ෂණිකව ලොව දියුණුව සොයා ගත් මිනිසාට 
එකී දියුණුව අන් අය සමඟ බෙදාහදා ගැනීමට 
ආගම මග පෙන්වයි. 
කලයුතු වන්නේ 
එක් දැනුම පද්ධතිකින් තවත් දැනුම පද්ධතියකට පහරදීම නොව. 
එහිවන පරම සත්‍ය 
මනුෂ්‍ය වර්ගයාගේ ගමනට උපකාර කර ගැනීමයි.

" විද්‍යාවෙන් තොර ආගම අබ්බගාතය, ආගමෙන් තොර විද්‍යාව අන්ධය " 
- ඇල්බට් අයින්ස්ටයින්

#කීර්ති 

Siththam Maya | Anu Perera. Powered by Blogger.