Ads Top

Dream Touching


Dream Touching 

සිත්තම් මායා | අනූ පෙරේරා 

උඹලා දැකලා තියෙනවද 
අනුවාගේ ඇස් වලින් කඳුළු එනවා 
නෑ බොලව් 
මම අඬන්නේ හොරෙන් 
කාටවත් පේන්නේ නැති වෙන්ට 
දුකට සතුටට දෙකටම 
කන්දක් දුක හිතේ පුරවාගෙන 
කිසි වගක් නැති ගානට 
ස්වභාවික 
ව්‍යාජ හිනාවකින් 
මුව සරසාගන්ට 
මට හැකිය 
ඒත්......
ජීවිතේ 
අන්තිම හුස්ම හෙලන්න කළින් 
මගේ දැවෙන ආශාව 
ඉෂ්ඨ උනොත් 
ඒ හීනේ අහල පහළක ගැවසෙන්න 
ඒ හීනේ එක නිය පිඩකින් අල්ලන්න 
ඒ හීනේ එක තප්පරයක් ජීවත් වෙන්න 
ඉඩක් ලැබෙනවානම් 
කොහොමද මම නාඩා ඉන්නේ 
ඕනෑම ප්‍රසිද්ධ ඉසව්වක 
මිනිසුන් දහස් ගණනේ බලාගෙන ඉන්නා විට 
ඉකි ගගහා අඬන්න 
මම ලෑස්තියි 

මොනවද මේ අකුරු වෙන්නේ, 
මොනවද මේ කියන්නේ 
අපැහැදිලියි හැමදේම 
දිනක් ඒවි 
එදාට අත දිග ඇරලා කියන්නම් 
අද මොනවද කිව්වේ කියලා  

හදවත හොරකම් කළ 
මහතා මහත්මිය 
දිනෙක එන්නම් බැහැදකින්නට 
නුඹලා පෙර දුන් අවස්තාවේ 
ප්‍රතිඵලයත් සමඟින් 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.