Ads Top

සුවඳ බැඳීම්


සුවඳ බැඳීම්

සිත්තම් මායා | අනූ පෙරේරා 

තාමත් ඒ බැඳීම් සුවඳයි
ඔවුන්ගේ මිතුදම්
නෑ නෑ
ඔවුන්ගේ සහෝදරකම්
තාමත් උණුයි
තාමත් මෙලෙකයි
වැව් මාළු බත් පතකට
ඇඹුල් තියලෙ මාලු කෑල්ලක් තියාලා
මූදූ මාළු බත් පතකට
මිරිසට වැව් මාළු කෑල්ලක් බෙදාලා
ඔවුන්ගේ හිතවත්කම් තවත් වැඩි වී
මං,
පසෙකට වී ඉඩ දුන්නා 
අම්මලා තාත්තලගේ මිත්‍රත්වයට
බලාන හිටියා 
ඉස්සර මිනිස්සුන්ගේ පපු කැනැත්තේ නෑකම් දිහා
මං,
දිගු හුස්මක් හෙලුවා
අපිට ඔහොම යාලුවෝ නෑ අම්මේ
මං මටම කියාගත්තා

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.