Ads Top

ඇරඹුම රෝන්දේ ගහන්ට


ඇරඹුම රෝන්දේ ගහන්ට 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හෙටින් මතු 
මගේ ජිවිතයට 
අළුත් ඇරඹුමක් 
මම බලාපොරොත්තු වෙමි 
මියැදෙන්නට පෙර 
ලංකාවේ 
හැම අස්සක මුල්ලකම 
ඉවක් බවක් නැතුව 
හඹා යන්නට 
තීරණය කළෙමි 
කා එක්කද කින්ද මන්ද 
මම දන්නේ නැත 
රෝන්දේ ගහන්නට 
සෙට් නම් 
අපි ගහමු 
හොඳ රස්තියාදුවක්  
අවසන් හුස්ම 
හෙලන්නට පෙර 
ජීවිතේ 
අන් කිසිඳු දිනෙක 
නැති විදියට 
බලන් ඉන්නෙපා 
ඉබා ගාතේ යන්න 
ඔළුව හැරුණ අතේ යන්න 
දකින්න 
මේ සොබාදම 
උඹට තේරෙයි 
අයිස් කාමර වල 
ජරාජීර්ණ බව 

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.