Ads Top

ඕම යං


ඕම යං

සිත්තම් මායා | අනූ පෙරේරා 

අක්කණ්ඩි
උඹහැලා
සුද්දගේ බාසාවෙන් කොටන
රොමෑන්තික කවි පංති වලට
සිත්තම් මායාවට ගොඩවදින
බොහෝමයක් දෙනා
හරි හිතයි 
හරියට උන්
සීනි වලට ඇදෙන 
ඇඹලැයියෝ වාගේ
හරි පෙරේතකමට 
ඒ ගැන කතා කරනවා
මේ මාත් එක්කලා
උඹට දැන් හරි ඉල්ලුමයි
පපුකිනිත්ත කඩාන යන 
සංතෝසයක් 
මේ අකුරු අස්සේ හැංගිලා තියෙනවා
උඹට දැනේද 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.