Ads Top

පොඩි හාමුදුරුවොත් මනුස්සයෙක්


පොඩි හාමුදුරුවොත් මනුස්සයෙක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ 
ඈතින් වඩිනවා 
හැමෝටම හිනාව බෙද බෙද 
කොළඹ 6 පාරෙන් බැහැලා 
පයින්ම වඩිනවා පන්සලට 
කිලෝමීටර 3ක් 4ක් විතර ඇති 
මයේ හිතේ 
ත්‍රීවිල් එකක් නැතුවා වත්ද ?
මං 
අම්මව හංදියේ ඉඳන් 
අරං එන ගමනේ 
බයික් එකෙන් 
පොඩි හාමුදුරුවෝ 
බාගෙට බාගයක් ඇවිදින් 
එකම මිනිහෙක් 
උන්වහන්සේව දැකලා නෑ 
මයේ හිතේ 
" අම්මා මගින් බහින්ට 
 මං පොඩි හාමුදුරුවෝ පන්සලට ගිහිං දාලා එන්නං "
ගත් කටටම කියපු මං 
අම්මව මගින් දාලා 
ගියේ උන්වහන්සේව 
පන්සලටම ගෙනිහින් දාන්න 
කියලා හිතාන 
ඒත් මං 
ගෑල් ළමයෙක් 
ඉතිං 
මොනා කරන්නද 
පිරිමියෙක් උන්වහන්සේ වෙනුවෙන් 
ඉදිරිපත් නොවෙනවානම් 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.