Ads Top

පැරණි ගීත vs නවීන ගීත


පැරණි ගීත vs නවීන ගීත 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මගේ ෆෝන් එකේ සිංදු ලිස්ට් එක දකින ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නේ තමයි, කෝ මේකේ සිංහල සිංදු කියලා. සිංහල සිංදු තියෙනවා හැබැයි ටිකක් විතර පරණ එව්වා. අළුත් එව්වා නම් නැතිම තරම් , බහුතරයක් තියෙන්නේ හින්දි සිංදුයි ඉංගිරිසි සිංදුයි. සිංහල සිංදු කෑලි නැති වෙන්ට ප්‍රධානතම හේතුව ඉතිං ඔය අද කාලේ හැමෝටම තියෙන ප්‍රධාන හේතුව තමයි. පණ ඇරලා ලව් කරලා ඊටපස්සේ බූට් එක කාපු සිංදු වලට බහුහරයක් වගේ මමත් අකමැතියි. හැබැයි ඉතිං මං දැකලා තියෙනවා සමහරු නම් ඒ සිංදු වලට පණ ඇරලා. අත්දැකීම් මුසු උන නිසා වෙන්ට ඇති. එයාලගේ පැත්තෙන් ඒක සාධාරණත් ඇති. ඒ නිසා මං ඒ සම්බන්ධ කිසිඳු විවේචනයක් කරන්නේ නෑ. 

කෝමින් හරි මේ සටහන තියන්ට මුල් උනේ සිංහල පැරණි සිංදුවක් දෙසවන් තුලින් ලේ නහර වලටම ගිලා බැසීමයි. ඒ අන් කවරක් නොවෙයි රෝහණ බැද්දගේ ශුරීන්ගේ " සසඳ සසඳ අපි මහ පාරේ යනවා " කියන ගීතය. එහිත් සංස්කරණයක්.  රෝහණයන් ගේ පිරිමි හඬ පරයා යන තරුණ පරපුරේ හඬ මහේෂ් දෙනිපිටිය මහතා අතින් අගේට පදම් විය. " අම්මපා පුදුම ලස්සනක් " කියනවා විනා වෙන මොනවා කියන්නද. 

ඒත් එක්කම ඊළඟට play වෙන්නට නියමිතව තිබුණේ, භාතිය සන්තුෂ් අතිජාත මිතුරන් දෙපලගේ " මල් පැන් පොදක් " ගීතයයි. එයත් හැඩ උනේ මහේෂ් දෙනිපිටිය මහතාගේ අද්විතීය සුමධුර වාදන කන්ඩයට අනුවයි. " ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්, ඉතිං ආදරෙයි නම් බෝමයි හැඟුම් " 

මට බෑ මේ ගීත දෙක වර්ග භේද කරන්ට. ගීතය පිලිබඳ කිසිඳු තීරණයක් ගන්නට මට කිසිඳු අයිතියක් ඩ නැත. එනමුත් මා හට රස වින්දනය කල හැක. බැද්දගේ ශුරින් සංසාරය පිළිබඳව හරි අපූරුවට බාහිර දේ සමඟ අපූරු පද බැඳියාවකින් සංසන්දනය කර ඇති අතර භාතිය සන්තුෂ් මිතුරු දෙපල ආදරය සහ ශ්‍රුන්ගාරය වෑහුන පද බැඳියාවක් සභ්‍යත්වය පෙර දැරිව විදහා ඇත. ගැටලුව, මෙය පරම්පරා දෙකක ප්‍රශ්නයක් නොවෙන බව මාගේ පෞද්ගලික අදහසයි. නමුත් පෙර පරපුරක් සැම විටම උත්සහ දරන්නේ, " අපේ කාලේ ඔහොම නෑ " යන වැකිය මුලට දමා වරද මතු පරපුරට පැටවිමටයි. මතු පරපුරක් සැම විට උත්සහ දරන්නේ " ඊයා, ඒ කාලේ තිබ්බේ සිංදු ද ? කවිනේ  " යන වැකිය මුලට දමා වරද පෙර පරපුරට පැටවීමයි. වැරදුන තැන කොතනද ? 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.