Ads Top

තේ භාගේ


තේ භාගේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

කඩෙන් ගත්තු 
එකම කහට උගුර 
කෝප්ප දෙහෙකට නිවා 
අඩක් එක් කෝප්පයකට 
අනෙත් අඩ අනෙත් කෝප්පයට 
හරි ගානට වෙන් නොකොට 
එකකට ටිකක් වැඩිපුර 
" ආ .... අම්මේ තේ බොන්ඩ "
මව් වෙනුවෙන් 
කැපකිරීමට 
අර අදින පුතෙකු 
දුටුවෙමි මම 
කොලොම්පුර වීදියක 

#අනුවා
Siththam Maya | Anu Perera. Powered by Blogger.