Ads Top

හිනාවෙන්න එන්න


හිනාවෙන්න එන්න 

සිත්තම් මායා | අනූ පෙරේරා 
සමහර මිනිස්සු 
හිනා වෙනවා 
කෑ ගහලා අඬන්න 
බැරි කමට නොවෙයි 
එහෙම ඇඩුවට ඵලක් නැති නිසා 
පුදුම සතුටින් ඉන්නවා 
අනිත් මිනිස්සු 
ඉරිසියා කරන තරමට 
දුකින් ඉන්න බැරි කමට නෙවෙයි 
එහෙම දුක් උනාට ඵලක් නැති නිසා 
යතාර්ථය ගැන තිබෙන 
අවබෝධය හෝ අනවබෝධය 
තැකීම ගැන නොවෙයි 
ඔවුන් ජීවත් වීමට 
ගත් තීරණය හෙයින් 
කෙසේ හෝ ජීවත් විය යුතුය බැවින් 
එනිසා 
එන්න හිනාවෙන්න 
අපිත් එක්ක 
ඔවුන් එක්ක 
ඇති පදමට 
සංතෝසය සමඟ මුහු උන 
සැනසීමට 
කරගහන්න 
එන්න 

#අනුවා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.