Ads Top

අප්පච්චි ඈතයි වගේ


අප්පච්චි ඈතයි වගේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ආදරේ නැතිද 
අපිට 
ඉස්සර වගේ 
ඈතයි වගේ 
දැනෙනවා 
දැන් ළඟ නෑ වගේ 
අම්මාත් එක්ක අහනවලු 
තොරතුරු අපගේ 
ඇයි අපි එක්ක කතා නැත්තේ 
අප්පච්චියේ 
ඉස්සර මෙහෙම නෑ 
අපි කදේට වැටුනාම 
මතකද 
අපි 
හවස තේ වෙලාවට 
විස්කෝතු එක්කලා 
යහමෙට ඉඟුරු තේ බොන අතරේ 
කේලම් තෝලම් ඔක්කොම 
ඔයා එක්කලා කිව්ව හැටි 
දැන් හැමදේම 
අම්මට විතරක් වෙලා 
අපිත් එක්කම 
අපේ ආදරෙත් 
අම්මටම 
සින්නකර වෙලා 
ඇයි ඒ 
අප්පච්චි 
ඇයි ඒ ?

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.