Ads Top

ගිලිහෙන මතක


ගිලිහෙන මතක

සිත්තම් මායා | අනූ පෙරේරා

මට හරියටම දැනුණේ
මේ ලෝකේ
හැම ආදරණීය මූණක්ම
මට අමතක වෙලා යනවා වගේ
තප්පර ගාණකට
එහෙමත් නැත්තම්
මිනිත්තු ගාණකට
මගේ ඔළු ගෙඩිය
මටම බරක් වාගේ දැනුන
හරියටම
ඔළු කට්ට මැදින්
ඩ්‍රිල් කරන්න පටන් ගෙන
ගමනාන්තයක් නැතිව
ආදරණීය මුහුණු හැම එකක්ම
පසාරු කරගෙන
මිහිරි මතක සියල්ලක්ම
උදුරා ගන්න හදන
හැඟුමක

දිනෙක
මේ මුළු ලොවම
අමතකම වෙලා යාවි
ආදරණීය නුඹ පවා
මගේ මතකයෙන් ගිලිහේවි
එදාට
ඇවිත්
නුඹ කවුදැයි
මට කියා දෙන්න
අහිතක් නැතුව

-          පීඩිත මනසක්

#අනුවා


Siththam Maya | Anu Perera. Powered by Blogger.