Ads Top

නිහඬ සිතිවිලි


නිහඬ සිතිවිලි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

නියමිත වෙලාවට වැඩියෙන් විනාඩි දහයක පමණ ප්‍රමාදයක් 

මා යෑමට නියමිත වූ දුම්රියට හිමි බව කොලොම්පුර දුම්රිය ස්ථානයෙන් හඬ 

ගා කීවේ හරියට නිකං ඔච්චමට වගේ. නව වෙනි වේදිකාවේ අසලක 

බංකුවකට බර දී සාක්කුවෙන් එළියට ගත් හෑන්ඩ් ෆ්‍රී යුවලේ ගැට 

ලෙහන්නට පටන් ගතිමි. එයත් හරියටම මාගේ ඔළු ගෙඩිය මෙනි. අදහස් 

ජාලාවක කැළඹුන අවුල් ජාලාවකි. රේල් පීලි යුගල් දෙකකට එහායින් 

තිබුණේ අට වැනි වේදිකාවයි. " ඉතිං මට මොකද " කිසිඳු හැඟීමක් දැනීමක් 

නොමැතිව වෙර යොදමින් මම ගැට බුරුල් කරමි. ඊටත් එහායින් තිබුණු 

කැන්ටිමට ඇස් එබිකම් කළා යැයි මේ දැන් උදරය සාක්ෂි දෙයි. කිසිඳු 

දෙයක් වන බවට සලකුණක් නොමැත. නොවන බවටද සලකුණක් 

නොමැත. 

අට වැනි වේදිකාවේ මා සිටින ඉරියව්වට ප්‍රතිබිම්බව වයස 

අවුරුදු හතලිස් පහක පනහක අතරේ යැයි කිව හැකි කාන්තාවකි. ඇගේ 

මුහුණ මලානිකව ගොසිනි. ලේන්සුවක් නිරන්තරයෙන් ඇස් මතට විත් 

ආයෙම පිටවෙයි. මා ගැට ලෙහයි. කකුසක් හිතේ ජනිත වෙයි. ඇයගේ 

කඳුළු පිරි දෙනෙත මාගේ දෙනෙත් හා ගැටෙන බව මොළයේ යම් 

සංවේදකයක් බුරමින් කියයි. ඇයත් මමත් එකිනෙකා බලා සිටින බව 

පරිසරය කොඳුරයි. ඇය කවුද ? කුමක් සිදු වී ඇතිද ? ඒ කඳුළු කතාව කුමක් 

විය හැකිද ? උභතෝකෝටික පැන දහසක් මැද 
තවමත් මම කෙහෙල්මල් 

ගැටයක් අසිහියෙන් මෙන් ලෙහන්නට උත්සහ කරමි. 

ඇය මවක් වන්නට ඇති. ඇගේ දරුවන්ට දැන් යහමින් මිල 

මුදල් එහෙමත් ඇතුව ඇති, ගෙවල් දොරවල් සින්න නොකර ඇය බේරපු 

නිසා ඒවත් උනුන්ටම ලියා දෙන්නට ඇති, ඉස්සර තරම් අම්මට ආදරේ 

නැතුව ඇති, ඒ හින්දා ගොඩක් දුක ඇති, එහෙමත් නැත්තම් ඉස්සර දෙනෝ 

දාහක් මැද්දේ දන ගහලා වැන්ද පුතාට දැන් එහෙම දන නවන්න ලජ්ජා 

ඇති, එහෙමත් නැත්තම් මේ, අනාගතේ යම් දවසක මම වෙන්න ඇති. 

#අනුවා - නිහැඬියාවක සිරවෙමින් 
Siththam Maya | Anu Perera. Powered by Blogger.