Ads Top

එහෙනං ආයුබෝවන්ඩ ආයෙත්


එහෙනං ආයුබෝවන්ඩ ආයෙත්

සිත්තම් මායා | අනූ පෙරේරා 

හරියටම මාස දෙකකුත් 
දවස් තුනකුත් 
බිඳ වැටි තිබූ 
අපේ ආලය 
නුඹව මම නොදුටුවෙමි 
නුඹේ හුස්මක් නොලද්දෙමි 
මගේ අත් වල පහස 
නුඹට අමතක ද ? 
මාගේ හැඟීම් 
හුඟ කාලෙකින් 
ඔය තුරුලට නොආවා නේද ?
ඉතිං අපේ ඩිජිටල් ප්‍රේමය 
පෞද්ගලිකරණය කොටගෙන 
දුවලා ගිහිං 
ඇරියස් එක්ක බිල ගෙවලා ආවා 
සිත්තම් මායා, 
දැන් ආයේ අපි අපේ වෙමු 
ලියන්නට පටන් ගමු 
අළුත් බලාපොරොත්තු එක්ක 
පරණ කියවන්නොත් එක්කම 
(අහෙම් .... අහෙම් .... )
" එහෙනං ආයුබෝවන්ඩ ආයෙත් "

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.