Ads Top

Today’s Special - අද මෙනුව


Today’s Special - අද මෙනුව

සිත්තම් මායා | අනූ පෙරේරා

          දිනය ඉතාම උද්වේගකර, හොට් දිනයක් විය, පෙම්වතුන්ට පමණක්. නමුත් (අ) වාසනාවකට ඒ රස්නයෙන් බැට කන්නට අපටත් සිදුවුණු බව කිචි කිචියක් දමාගෙනම අපි දවල් වරුවේම ඔළුවේ අත ගසාගෙන කල්පනා කරමින් කතා කරගත්තෙමු.

          ඉන්පසු එළඹියේ හවස් වරුවේ ඵලක් ඇති යැයි සිතෙන විශ්ව විද්‍යාල ඇඩ්මිෂන් එක ගැනීමටය. ඉහිං කනින් දාඩිය වගුරාගෙන හිතාමතාම අත් වලට චලනයක් ආරුඪ කරගනිමින් ඇඩ්මිෂන් කොළය අතට ගත් විට දැනුන සැනසීම වදන් වලින් විස්තර කල නොහැකි බව අම්මා හිටියානම් කියාවි. එනමුත් මට මරණය පෙනෙන්නාක් මෙන්, ඔව් දැනුණේ නැත. මා හෙන ජොලියේ විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් එළියට බැස පාර පැන සයන්ස් ෆැකල්ටියටත් ඔළුව දමාගෙනම 125 කට නැග කොටුව ස්ටේෂමට සැපත් විය.

          ඒ අස්සේ අපේ අම්මගේ කකුල අහිංසක ගණයේ සුනඛ රාජයෙකු විහිළුවට මෙන් විකා ඇත. මොහොතකට පසු පෙරේරා රාළහාමි ඒ අසරණයාව අපූරුවට සංවිධානය කල  ගුටි පූජාවකට සහභාගී කරවාගෙන ඇති බව ආරංචි විය. ඒ ඇමතුම එනවිට මම කාර්යාල දුම්රියෙන් කන කැඩෙන්න හිනා වේවි එමින් සිටියෙමි.

          මවගේ අසනීපය නිසා පවුල් ඒකකය හෑම අතකින්ම කඩා වැටීමකට ලක් විය හැකි බව මම හිරු ගොසිප් වල දිනක් දුටුවා මතකයි. කෙසේ නමුත් ඇගේ සුව දුක් අසා දුරකථනය විසන්ධි වෙන්න කලින් “කෙල්ලේ.... බැටරිය හොඳටම බැහැලා තියෙන්නේ” යනුවෙන් පමණක් කියාගත්තෙමි. ඉන්පසු හිතින් ශේප් එකේ කල්පනා කලේ, “ අද රෑට කන්න නැති වෙන ලයින් එකක් යන හැඩ ” බවයි. බලාපොරොත්තු සුන් වී ගෙදර පැමිණ “ කන්න මොනාද තියෙන්නේ අනේ ” ඇසුවාට කිසි ප්‍රතිචාරයක් තිබුණේ නැත. “බඩු හරි” සැකය නිවැරදි විය.

          මොනාද ඕයි කියන්නේ, අම්මා චීස් කොත්තු හදලා. කඩේ වගේ සද්දේ දාලා නෙවෙයි නොර්මල් එකේ. ලිය ලියා ඉන්න වෙලාවක් නෑ අරහේ චීස් කොත්තුවක් මැරෙන්න හදනවා, “මාව කාපල්ලා ” කියලා.

          එන්නං !!!

#අනුවා



Siththam Maya | Anu Perera. Powered by Blogger.