Ads Top

කැන්ඩියේ හෝරා දෙකක් විත් අනුවා, මිනෝ ඇන්ඩ් පැටී - Iv


කැන්ඩියේ හෝරා දෙකක් විත් අනුවා, මිනෝ ඇන්ඩ් පැටී - Iv 

සිත්තම් මායා | අනූ පෙරේරා 

එන්න එන්න මිනෝලි අක්කා අපට බරක් වන්නට පටන් ගත්තෙන් 
එය තව දුරටත් සමාජ ක්‍රියාවක් නොවීය
ඇනුම් පද දෙක තුනකින්
කරදරය අහවර කිරීම 
අප ත්‍රිත්වයේ ඉලක්කය විය
තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වුනු 
මිනෝලි අක්කා වැඩේ පටන් ගත්තෙන් 
අපට කිරීමට එතරම් දෙයක් නොවීය
මිනෝට තනිවම මැච් එක අවසන් කිරීමට ඉඩ දිය නොහැකි හේතුවෙන් 
පැටීත් මාත් ඒ ඇවිලුන ගින්නට 
පිදුරු පැට්‍රොල් බේසමක පොඟවා 
විසි කළෙමු
අවසානයේ ඒ සද්දන්ත කුලයේ ක්‍රීඩකයා 
මෑන් ඔෆ් ද මැච් විය 
ඔහුගේ එකම ප්‍රති ප්‍රහාරයෙන් 
සමස්ථ තරඟයම ඔහුගේ අතට පත් විය
එනම් අපි එතන බජාර් දමමින් ගිය බව ඔහු තරයේ ප්‍රකාස කිරීමයි 
කෙසේවෙතත් 
පිළියන්දල මිනෝ එක්ක ඒ සෙල්ලම් කොහෙද යකෝ 
ඇය ඇගේ සම්පූර්ණ මෙව්වා එක යොදා 
තරඟාවලිය ජය ගන්නා ලදි 

හම්මේ ඉවරයි...
ඔබත් සිකුරාදා දිනයේ සවස දුම්රියෙන් නිවසට පැමිණෙන්නෙක්ද ?
එසේ නම් මෙතෙක් වේලාවක්
මා කිවූ දේ සහසුද්දෙන් ඔබට තේරෙනවා ඇත
නොතේරුනු අය ඒ අත්දැකීම නොපමාව ලබා ගන්න

 #අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.