Ads Top

අනුවගේ දුෂ්ඨ බදාදාව - II


අනුවගේ දුෂ්ඨ බදාදාව - II

සිත්තම් මායා | අනූ පෙරේරා 

අද දවසම පරක්කුවක් වගෙයි 
ඇහැරුණ වෙලාවේ ඉඳන් 
දෛවය මට පුන පුනාම කීවේ, 
වෙනදට දෙයියනේ කියලා 
පනාවක් දාගෙන එන මහව කෝච්චියත් 
දෙයියනේ කියලම පෙනී පෙනී අද්දලා 
මටත් ගස්සගෙනම ගියා 
දැන් ඉතින් මක්ක කරන්නද 
කැලෑ කුමාරියෙන් කොලොම්පුරේට යන වේලාව 
හරිම අසික්කිත හේතුවෙන් 
බොහොම ලොකු වටයක් ගහලා එහෙම 
බස් එකෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ගෙහුං 
පෙනී පෙනී අද්දන 
මාත් මිනෝ අක්කණ්ඩියත් පැටී යාත් ආසම 
කැන්ඩියට 
කිහිප දෙනෙක් එපා...... කියද්දීම 
යන කෝච්චියට නැග ගත්තේ, 
අද දවස වේලාසන යන්ඩ 
අවශ්‍යම කරන දවසක් නිසායි 
ආන්න ඒකයි 
ජීවිතාවදානමක්  අරගෙන ගොඩ උනේ 
කෝම කෝම හරි 
අලව්වෙන් කට කපා නැගී සෙනඟ 
අතරින් මම ඉදිරියට ගියා නොවේ 
යැවුනා.....
වගේ යාන්තමට මතකයි 
කියවන්න කෙනෙකුත් නෑ 
කියවන දේවල් අහා අහා හිනාවෙන්න විදියකුත් නෑ 
ඒ විතරක් නෙවෙයි 
ඒ දෙකම නැති කොට අඩුමතරමේ 
හෑන්ඩ් ෆ්‍රී එක එළියට ගන්ඩ 
අත සාක්කුව අස්සට යවා ගන්ඩ විදියකුත් නෑ 
ඉතිං ....
ඕම ඕම ඉස්සරහට යද්දී .............


අපි ඒ කතාව දැනගමු ඊළඟ කොටහින්.... 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.