Ads Top

අනුවාගේ කාර්යබහුල කවි


අනුවාගේ කාර්යබහුල කවි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

පිස්සෙකුගේ පලාමල්ලක හැඩය 
කාමරයට එබී අම්මා කිව්වා 

අංශක 180 කින් ගෙල හැරෙන විටම 
එය හැබෑ බව මටත් හිතුනා 

ඉතිං මක් කරන්නද 
මටත් වැඩ තියෙනවා 

පිළිවෙලයි කාර්යබහුලත්වයයි 
සමාන්තරව නොයන බව දැනෙනවා 

ටිකක් රැඳෙන්න 
ටික දවසකින් මේවා ඉවර වෙනවා 

ආන්න එදාට බොහොම පිළිවෙලට 
ඔයාගේ වචනේ රකිනවා 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.