Ads Top

ටකීලාවක සිහින


ටකීලාවක සිහින 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හිත හදපු එකෙක්වත් 
අද නෑලු 
එකම එක වචනයක් කියන්න  
හැමෝම අත ඇරලා ගියාට පස්සෙත් 
තාම ජීවත් වෙනවාලු 
ඒ හීනත් එක්ක 
මං, 
පට්ට ආසයි ඒ 
ඒකපාර්ශවීය ආදරේට 
මං සිහින වලට පෙම් කරන 
සිහින මට පෙම් නොකරන 
ඉඳ හිට හැබෑ වෙන එකක් දෙකක් 
හින්දම ලෝකෙම එක්ක තර්ක කරන 
හැබෑ නොවෙන දේ 
මත්තෙම මැරෙන්නට හදන 
උඹ එතැනට යනවා 
ලෝකෙටම නොකියා 
මා සතුවත් නැති මගේ හිත 
එකම එක වරක් කෙඳිරුවා 
වගේ මතකයි 
ටකීලා ෂොට් හතරක් අතරින් 
කොන්දේසි සහිතව 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.